(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
අනියම් බිරිඳගේ ගෙදරට ගොස් මහ උළු ගෙදර තපින්නට වූ පුද්ගලයකු පිළිබඳව පුවතක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ.

ඔහු එම ගමේ සැමියා මියගිය කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේය. ඔහුත් දෙදරු පියෙකි. අනියම් බිරිඳටද එක් දරුවෙක් සිටී. ඔහු රාත්‍රී කාලයේදී බිමතින් අනියම් බිරිඳගේ නිවසට යන අතර පසුවදා පාන්දර ආපසු යන්නේය. රාත්‍රී කාලයේ දොරට ගසා ශබ්ද නොකර නිවසේ දොර විවෘත කර ගන්නා ආකාරයද අනියම් බිරිය ඔහුට කියා දී තිබේ. දිනක් අනියම් බිරියගේ මව අසනීප වී ඇති අතර මව බැලීම සඳහා ඇය යන බවත් එදින නිවසට නොපැමිණෙන ලෙස ඔහුට පවසා ඇත්තේ සිහිබුද්ධියෙන් සිටින අවස්ථාවකදීය.
කෙසේ වෙතත් අධික ලෙස බීමතින් සිටි ඔහු අනියම් බිරිඳ කී දේ අමතකව එදිනද ඇගේ නිවසට ගොස් ඇති අතර අනියම් බිරිඳ ගෙදර නොසිටි හෙයින් ඇද උඩ නින්ද ගොස් ඇත්තේ ඉදිරිපස දොර හැර දමාගෙනය.
පසුදා උදෑසන නිවස බලා ආ ඔහුගේ අනියම් බිරිය ගෙදර දොර හැර දමා තිබෙනු දැක හොරෙකු ඇතුළු වී ඇති බව සිතා පොලිසියට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කළාය. වහා ක්‍රියාත්මක වූ පොලිසිය නිවසට ගොස් පරීක්‍ෂා කිරීමේදී දැක ඇත්තේ ඇඳ මත නිදා සිටින පුද්ගලයකුය. පොලිසිය ඔහු ඇහැරවද්දී වටපිට බැලූ ඔහුට හීන් දහඩිය දමා ඇත. පුද්ගලයා දුටු ඇයටද දෙවියන් සිහි වුවද කිසිවක් නොපවසා ඇත්තේ සිද්ධිය හෙළිවීමෙන් ඇතිවන විපාක නිසාය.
කෙසේ වෙතත් ඔහුට පොලිසියේ ලගින්නටද සිදුවිය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනියම් බිරියගේ තුරුල්ල සොයා ගිහින් පොලිසියේ