IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


අනියම් පෙම්වතා නිවෙසට ගෙන්වා අතවර කළැයි බොරු කියලා

තම සැමියා නිවසේ  නොමැති විටෙක නිවසට ඇතුළු වූ අයෙකු විසින් ඇයට අතවර කරන ලදැයි පවසමින් එක්තරා ප‍්‍රදේශයක තැනැත්තියක් පොලිසියට පැමිණිලි කළාය.

ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. සිද්ධිය පිළිබඳව රාජකාරි කටයුතු නිසිපරිදි ඉදිරියට යමින් තිබුණි.

 මෙම සිද්ධිය පිළිබඳව සැලවූ අතවරයට ලක්වූ බව කියන කාන්තාවගේ අතිජාත මිතුරියක ඇය හමුවීමට පැමිණ සිදුවූ කරදරය පිළිබඳව විමසුවාය. එම අවස්ථාවේ නිවසේ වෙනත් කිසිවෙකු හෝ නොසිටි බැවින් සිද්ධිය පිළිබඳව මිතුරියන් දෙදෙනා එක දිගට කතාව ඉදිරියට පවත්වාගෙන ගියහ.

”ඇත්තටම උඹට කරදර කරන්න හදපු නිසා ද නැත්තං කරදර කරපු නිසා ද  පොලිසියට පැමිණිලි කළේ’’. මිතුරිය එසේ විමසුවාය. මෙහිදී වටපිට බැලූ අතවරයට ලක්වූ බව කියන තරුණිය සිය මිතුරියගේ කනට කොඳුරා මෙසේ කීවේය.

”ඒ එකක්වත් නිසා නොවෙයි”

”ඈ... එහෙනං...” මිතුරිය විමතියෙන් ඇසුවාය.

”කාටවත් කියන්න එපා. ඒ එකක්වත් නිසා නොවෙයි අල්ලපු ගෙදර මිනිහ දැකපු නිසා”

තම අනියම් සම්බන්ධය හෙළවීම වළක්වා තමා නිර්දෝශී වීමට කරන ලද උප්පරවැට්ටියක් බව දැනගත් මිතුරියගේ ඇස් උඩ ගියේය.

 



අදහස් (0)

අනියම් පෙම්වතා නිවෙසට ගෙන්වා අතවර කළැයි බොරු කියලා

නාරගල Wednesday, 23 April 2014 08:30 PM

මේවා අතේ පැලවෙන බොරු කියලා වට පිටේ අය දන්නවා (දී)

:       0       0

ජේමිස් ‍ Tuesday, 22 April 2014 07:05 AM

මේ වගේ ගැහැනුන්ව උල තියන්න ඕනෑ මහත්තයෝ.අපේ කාලේ වෙන දේවල්ද දැන් මේ රටේ වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1258 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1214 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 443 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site