IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


අනියම් පෙමට අකැමැති ළඳට ඇටවූ උගුලේ බිරිඳ වැටිලා

(හසලක සුනිල්)
තමන්ගේ අදහසට අකමැති වූ අහල පහළ කාන්තාවකට පාඩමක් උගන්වන්නට ගොස් එම දඬුවම තම බිරිඳට අත්විඳින්නට සිදුවූ අපූරු සිදුවීමක් උඩදුම්බර පොලිස් වසමෙන් වාර්තා විය.


වාර්තාවෙන අන්දමට සිද්ධිය මෙසේය. ගොවිතැන් බත් කරගෙන ජීවත්වන ඔහු 36 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. අසල නිවසක පදිංචිව සිටින්නේ සැමියා මියගිය 31 වැනි වියේ පසුවෙන තරුණ තිදරු මවකි. සැමියා මිය යෑමෙන් පසු සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාරයෙන් සහ එදිනෙද‌ා කුලියෙන් තම දරුවන් ජීවත් කරවීමේ සටනේ නියැළී සිටියත් ඇය වෙනත් කටයුත්තක් ගැන නොසිතුවේ එයින් දරුවන්ට අවැඩක් වේ යැයි සිතූ හෙයිනි.


ඇය පිළිබඳව අදහසක් පහළ වූ 36 හැවිරිදි අසල්වැසියා එය ඇයට විවිධ අවස්ථාවල ඉඟි බිඟියෙන් පැවසුවත් ඇය එයට ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබඳව ඔහු සිටියේ ඇය හා සිත් අමනාපයෙනි. එහෙත් එම පවුලේ උදවිය හා මෙම පවුලේ උදවිය ඉතා ළඟින් ඇසුරු කළේය.


තම අදහසට එකඟ නොවන හෙයින් ‘උඹට හොඳ පාඩමක් උගන්වන්නන් කෝ’ යැයි තමන්ටම කියා ගත් ඔහු මෙදින සවස අසල ගමකට ගොස් ගමේ තිබූ කිතුල් ගසක ඇට කීපයක් සහ කහඹිලියා කොළ කීපයක් කඩා ගෙනැවිත් කොටා අඹරා ඒවා අසල්වැසි නිවසේ වැසිකිළිය මත ඇති ජල ටැංකියට කවලම් කළේ සාමාන්‍යයෙන් එම නිවැසි කාන්තාව සිය කටයුතු නිමකර රාත්‍රී 8ට පමණ දිය නාන බව ඔහු දන්න හෙයිනි.


කාටත් හොරා එම කටයුත්ත නිමා කර ඔහු කඩපිල දෙසට පිය නැගූ අතර ඔහුගේ බිරිඳ රාත්‍රී 7.30ට පමණ නිවසේ කටයුතු නිමකර ඇඟපත සෝද‌ා ගැනීමට නාන කාමරයට ගියත් ඔවුන්ගේ ජල ටැංකියේ ජලය හිස්වී තිබීම නිසා අසල්වැසි නිවසට ගොස් කාරණය එම නිවැසි කාන්තාවට පවසා ඔවුන්ගේ නාන කාමරයට ගොස් අවශ්‍ය කටයුතු කරගෙන පිටතට පැමිණියා පමණි, ඇගේ මුළු ඇඟම කැසීමට පටන් ගත් නිසා ඒ බව එම නිවැසි කාන්තාවට පවසා ඇත. ඇය පැවසුවේ ජලයට මොනවා හරි මුසුවන්නට ඇති බවය. කැසීම නිසා පළු නැගී ඉදිමී තිබූ ස්ථානවලට නිවැසි කාන්තාව විසින් සුළු ප්‍රතිකාරයක් වශයෙන් පොල්තෙල් ගා තව නොබෝ වේලාවකින් තත්ත්වය සුව අතට හැරෙන බව පවසා ඇය දරුවෙකු සමඟ පිටත් කර යවා ඇත.


කඩයට ගිය ඔහු රාත්‍රී 9ට පමණ නිවසට එන විට බිරිඳ ඇඳ මතට වී කෙඳිරි ගාමින් ශරීරය කසමින් සිටින බව දැක ‘මොකද මේ’ යැයි විමසීමේ දී ඇය සිද්ධිය පවසනවාත් සමගම ඔහුට ඉහමොළ රත්විය.


 අනුන්ට කැපූ වළේ තමන්ම වැටී ඇති බව දැන වහා නිවසේ තිබූ තෙල් වර්ගයක් ගෙන බිරිඳගේ ඇඟපුරා ගා ඇය සුවපත් කිරීමට අවශ්‍ය පියවර ගත්තේ මින් මතු නම් මෙවැනි නොහොබිනා වැඩ නොකරන බව තමන්ටම කියා ගනිමිනි.



අදහස් (0)

අනියම් පෙමට අකැමැති ළඳට ඇටවූ උගුලේ බිරිඳ වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 98 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site