IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අනියම් පෙමක පැටළුණු ටයිල් බාස්ට ටිපර් රියැදුරුගෙන් පාඩමක්

(අම්බලන්තොට සනත් ගමගේ)

ගෙවීමේ ක්‍රමයට නිවෙසේ ටයිල් ඇල්ලීමට පැමිණි ටයිල් බාස් සිය බිරිඳ සමග ඇති කරගත් හාදකම නතර කරන ලෙසට ටිපර් රථ රියැදුරකු වූ සැමියා දිගින් දිගටම ටයිල් බාස් ගෙන් ඉල්ලා සිටියත් එම සම්බන්ධය නතර නොකිරීම නිසා උරණ වූ සැමියා ටයිල් බාස් යතුරු පැදියෙන් ගමන් කරද්දී ටිපර් රථයට යටකර දැමීමට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු පෙරේදා (3) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය කියයි.

ටයිල් බාස් ගෙවීමේ ක්‍රමයට ටයිල් අතුරා නිම කිරීමෙන් පසු ඒ සඳහා අය කරන කුලිය මාසිකව අය කළ අතර වාරික කිහිපයක් ප්‍රමාද වීම නිසා එම නිවසට නිතර යාම හේතුවෙන් ටයිල් අතුරන කාලයේ දී නිවසේ බිරිඳ සමග ඇතිකරගත් සබඳතාව දුරදිග යෑමෙන් පසු සැමියාට මේ බව සැලවී ඇති බව පොලිසිය කියයි. බාස් හම්බන්තොට කෙයාර් ගම්මානයේ නිවසක වැඩකරමින් සිටින අවස්ථාවේ දී ටිපර් රථ රියැදුරා මෙම ටයිල් බාස්ට පිහියකින් ගසා ඇති අතර ඉන් බේරීමට ටයිල් බාස් යතුරුපැදියෙන් පලා යද්දී හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේදී යතුරුපැදිය යටකර දැමීමට ටිපර් රථ රියැදුරා උත්සාහ දරා ඇත. එහිදී යතුරුපැදිකරුට තුවාල සිදු වීමෙන් ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. රියැදුරුට ටිපර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ යකඩ වැට හා විදුලි කණු කිහිපයක් කඩාගෙන එය පෙරළී ඇත. ටිපර් රථයට බරපතළ හානි වී ඇති බව පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ ටිපර් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රියැදුරුට තුවාල සිදුවී ඇති හෙයින් පොලිස් ආරක්‍ෂාව යටතේ හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.



අදහස් (1)

අනියම් පෙමක පැටළුණු ටයිල් බාස්ට ටිපර් රියැදුරුගෙන් පාඩමක්

රවින් Wednesday, 05 December 2018 07:45 AM

ණයට අරගෙන ණය නොගෙව්වාම කොටස් වශයෙන් බිරිඳගෙන් අයකරගෙන. ටයිල් බාස් පිටට කොහොමත් වියදම් කරන හැඩයි. දැන් ජොබ් එකත් නැහැ... බිරිඳත් කොට උඩ. හොඳම දේ තමා ණය ටික ගෙවලා, ගෙදරත් විකුණලා පිට පළාතකින් ගෙයකුත් අරගෙන පවුල රැකගන්න එක. රියදුරු ජොබ් එකක් නම් ලංකාවේ ඕනෑම පළාතකින් හොයාගන්න බැරිද ?

:       7       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 315 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site