IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අනුන් කැපූ ගස්වලට ගාණ කපා බඩ-කට සප්පායම්වී මාරුවෙලා

ආර්ථික අගහිඟකම් හමුවේ එදා වේල නොමැතිව කුස ගින්නේ පසු වූ තැනැත්තකු බඩ පිරෙන්න හොඳට කෑම කා ගතමනාවකුත් ගත් පුවතක් යාපහුව රාජධානිය පිහිටි පෙදෙසකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


නිවසක වෙසෙන අඹු සැමි යුවළ රාජ්‍ය සේවකයෝය.


ඔවුන්ට පුතුන් දෙදෙනෙකු සිටින අතර ඔවුහු උසස් අධ්‍යාපනය හැදෑරීම සඳ හා ඉගෙනීම් කටයුතුවල නියැලෙති.


මේ නිසා අම්මා, තාත්තා රාජ්‍ය සේවයට යන අතරවාරයේ පුතුන් දෙදෙනා ද ඉගෙනීම සඳහා පිටව යාම නිසා නිවස දවල් කාලයේ බොහෝ අවස්ථාවල වසා තිබේ.


සති අන්තයේ දිනවල බිරිය නිවසේ විවේකිව පසුවන නමුත් සැමියා ඇතැම් දිනවල දී සති අන්තයේ දී පවා නිවසේ නොමැත.
මේ නිසා බොහෝවිට සති අන්තයේ දී දරුවන් දෙදෙනා සහ සැමියා නොමැතිව ඇය තනිවම වට පිටාව සුද්ධ පවිත්‍ර කිරීමට වෙහෙසෙන්නීය.


ඒ ආර්ථික අර්බුද හමුවේ ගෙවත්තේ වගා කිරීම සඳහාය.


ඇය නිවසේ වට පිටාව  තනියම ශුද්ධ කර ඇතත් වත්තේ ගස්වල අතු කපා ඉවත් කර ගැනීමට නොහැකිව තිබුණි.


මේ සඳහා කුලීකරුවකු සෙවීමට කොතෙක් වෙහෙසුණත් එය නිශ්පල විය. මෙවැනි තත්ත්වයක පසු වූ ඇය සේවය අවසන් කර නිවසට පැමිණියාය. ඇය එනවිට ගස්වල අතු කපා තිබුණි. එය දැක ඇය අපමණ සතුටට පත් වුණාය.


 එහි බිමට වැටී තිබු අතු කැබැලි කිහිපයක්  ඉවත් කර නොතිබුණි. ඇය ඒවා කපා ඉවත් කරන්නට ගියාය.


ඒ අතරවාරයේ ගස් කැපීමට ඇරයුම් කළත් එතෙක් නොපැමිණි තැනැත්තෙක් ද එතැනට පැමිණියේය.


“කවුද දන්නේ නැහැ මේ ගස්වල අතු කැපුවේ” ඇය ඇසුවාය.


“මැඩම් මං උදේ ආවා. බේබිලා දෙන්නා කීවා මේක කපලා දෙන්න කියලා.


මං වැඩේ කරලා දුන්නා. මං මේ දැන් ආවේ අතු ටික කපලා ඉවත් කරන්න තමයි.” ඔහු කීවේය.


අනේ කොච්චර හොද ද? අතු කපල අයින් කළාට. ඇය ඔහුට ස්තුතිය පිරිනැමුවාය.


ඔහු ඉතිරිව තිබු අතු කැබැලි ටිකත් දඩබිඩියේ කපා ඉවත් කර දුන්නේය. 


ඇය නිවසේ ඉතිරිව තිබු කෑම ටික ඔහුට පිළියෙල කර දුන්නාය. ඉන් අනතුරුව ඔහු ගස්වල අතු කැපීමේ ගතමනාව ඉල්ලා සිටියේය.
ඇය නොපමාව ඉල්ලු මුදල ඔහු අත තැබුවාය.


ගතමනාව අතට ගත් ඔහු මැඩම්ට ද පෙරළා ස්තුතිය පිරිනමා එතැනින් නික්මුණි.


සවස් යාමයේ පුතාලා දෙන්නා  නිවසට පැමිණියහ.


අම්මා ගස් කපන්නා කරපු වැඩේ අගය කරමින් පුතාල සමඟ කතාවට වැටුණාය.


“මොන ගස් කපන්නෙක්වත් ගස් කපන්න ආවේ නෑ. මල්ලියි මමයිනේ ඒ ගස්වල අතු කැපුවේ” පුතාලා  පිළිතුරු දුන්හ.
අම්මාට එවිට තරු පෙණුනි.


අම්මා හොඳට අන්දවලා තිබෙන බව වටහා ගත් පුතුන් දෙදෙනා ගස් කපන්නා සොයන්නට පිටත් වූහ.


කිසිදු මහන්සියක් නැතිව බඩ පිරෙන්නට කෑමත් ගතමනාවත් ගත් ඔහු ඒ වනවිටත් ඔහු විසු නිවසින් නොව ගමෙනුත් නික්ම ගොස් තිබුණාලු.

 



අදහස් (0)

අනුන් කැපූ ගස්වලට ගාණ කපා බඩ-කට සප්පායම්වී මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site