IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අනුන්ගේ මඟුලකට හොරෙන් රිංගා කාබී මාරුවෙන්න හැදූ තරුණයන්ට අමතක නොවන පාඩමක්

(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)
දෙපාර්ශ්වයේම කිසිදු ආරාධනාවක් නැතිව විවාහ උත්සව සාදයකට රහසේම ගොස් හොඳට සප්පායම්වී වෙරිමත්වූ තරුණයින් හතර දෙනකුට අවසානයේදී විශාල පිරිසක් ඉදිරියේ මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් ප්‍රසිද්ධ නගරයක උත්සව ශාලාවකින් වාර්තා විය. 


සිද්ධිය මෙසේය. 


මනාලයාගේ පවුලේ සාමාජිකයෝ නගරයේ පුංචි ගෙයක පදිංචිකරුවෝය. මනාලිය ගැමි තරුණියකි. විවාහ මංගල්‍යයේ දෙවැනි දවස ලස්සනට සිදු කරන්නට මනාලයාගේ දෙමාපියෝ නගරයේ උත්සව ශාලාවක් තෝරා ගත්තේ තමන්ගේ නිවසේ ඉඩකඩ ප්‍රමාණය අඩු නිසාය. එදින දෙපාර්ශ්වයේ විශාල පිරිසකගෙන් මුළු උත්සව ශාලාව පිරී පැවතිණි. 


කවුරුත් කා බී ප්‍රීති වූහ. උත්සව ශාලාවේ බාර් එකට යාබදව මත්පැන් පානය කරන තරුණයින් හතර දෙනෙක් ඒ අතර වූහ. 


මෙම හතර දෙනා ගැන දෙපාර්ශ්වයේම ඥාතීන්ට ඇතිවූයේ මහත් සැකයකි. මනාලයාගේ පියා මෙම තරුණයන් හතර දෙනා ළඟට ගොස් ඔවුන්ගේ තොරතුරු විමසූ විට ඒ අය කීවේ අපි ආවේ මනාලියගේ පාර්ශ්වයේ අයත් එක්ක යැයි කියාය. මේ කතාව අතරට මනාලියගේ පියාද පැමිණි අතර අපි ඔයගොල්ලන්ට ආරාධනා කළේ නැහැ තමුසෙලාව අපි හඳුනන්නේද නැතැයි කීවේ මනාලියගේ පියාය. මෙය ඇසූ තරුණයින්ට තරු පෙනිණි. ඒ වනවිටත් තරුණ හතරදෙනා බියර් බොතල් හත අටක් සුද්ද කර හමාරය. 


වැඬේ වැරදුණු බව දැනගත් තරුණයින් හතර දෙනා හෙමින් සීරුවේ ශාලාවෙන් පිට වෙන්න උත්සාහ කළත් ඔවුන්ට එයට ඉඩ නොලැබිණි. පසුව කිහිප දෙනෙක් ඔවුන් අල්ලා පහර දෙන්නට වූහ. 


ජැන්ඩියට ඇඳ පැළඳගෙන මේ වගේ ස්ථානවලට ඇවිත් ජරා වැඩ කරන මුන් පොලිසියට බාර දෙමු යැයි පිරිසක් කියන විට අනේ අපිව පොලිසියට බාර දෙන්න එපා කියමින් තරුණයෝ හඬා වැලපෙන්නට වූහ. 


හොඳටම ගුටි කෑ තරුණයන් හතර දෙනා ශාලාවෙන් පිටවූයේ උඩුකය වසා සිටි කමිසත් අහිමිවය. 


පසුව විපරම් කර බැලීමේදී  අනාවරණය වී ඇත්තේ මෙම තරුණයින් උත්සව අවස්ථාවල මෙම උත්සව ශාලාවට පැමිණ හොරෙන් කා බී හෙමින් මාරුවෙන බවයි. 

 



අදහස් (0)

අනුන්ගේ මඟුලකට හොරෙන් රිංගා කාබී මාරුවෙන්න හැදූ තරුණයන්ට අමතක නොවන පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site