IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අනුන්ගෙ පානෙන් එළිය බලන්න ගිය කන්තෝරු හිතවතිය මර උගුලක

අමතක වීමකින් බැංකු කාඩ්පත රැගෙන ඒමට නොහැකි වීමෙන් වෙනත් අයකුගේ ගිණුමට මුදල් ගෙන්වාගෙන මුදලු‍ත් හිතවත්කමත් දෙකම නැති කරගත් කාන්තාවක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා නගරයකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


ඇය එම ප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නීය. විවාහක දෙදරු මවක් වන ඇය සැමියාගේ රැකියාවට අමතරව තමාද රැකියාවක් කිරීමට තීරණය කර ඇත්තේ පවතින අගහිඟකම් හේතුවෙනි. සැමියාද දුර පළාතක රැකියාව කරන අතර මසකට වරක් නිවසට පැමිණේ.
මෙදින ඇයට හදිසි මුදල් අවශ්‍යතාවක් පැනනැගුණ අතර ඇය සැමියා අමතා තම මුදල් අවශ්‍යතාව පවසා ඇති අතර ඔහු පවසා ඇත්තේ එදින දහවල් වන විට ඇය ඉල්ලා සිටි රුපියල් තිස්දහසක මුදල ඇයගේ ගිණුමට බැර කළ හැකි බවය. ඇය එම අවස්ථාවේ තම බැංකු කාඩ්පත සොයා ඇති අතර එය හෝ පාස්පොත ඇය ගෙදර දමාවිත් බව මතක් වී වෙනත් විකල්පයක් ගැන කල්පනා කරන විට තම ආයතනයේ හිතවත් පුද්ගලයකු ඉදිරිපත් වී ‘‘ඕක හිතන්න දෙයක් නැහැ දැන් ගෙදර ගිහින් අරන් එන්න වෙලාවකුත් නැහැනෙ. මගේ ගිණුම් අංකය මහත්තයට  දෙන්න යැයි පවසා තිබේ. ඔහු අමුතු ගතිගුණ ඇති පුද්ගලයකු වුවද අවස්ථාවේ හැටියට ඔහු ඉටු දෙවියයකු සේ ඇයට පෙනුණි. ඇය වහාම ඔහුගේ ගිණුම් අංකය සැමියාගෙ දුරකථනය වෙත කෙටි පණිවිඩයක් මගින් යවා තිබේ.


දහවල් වෙද්දී ඇයගේ දැනුම් දීමෙන් අනතුරුව කාර්යාලයේ මිතුරා බැංකුව වෙත ගොස් ගිය පයින්ම ආපසු පැමිණ ඔහු පැවසූ කාරණයෙන් ඇයට දවල් තරු පෙනුණි. ‘‘මාර වැඩේනේ අනේ වෙලා තියෙන්නේ මම බැංකුවෙන් ණයක් ගත්තා ඒකේ වාරික කිහිපයක් ඇරියස් වෙලා ඔයාගෙ මහත්තයා දාපු සල්ලි ඔක්කොම ණයට කපාගෙන මගේ අතෙත් දැන් සල්ලි නැහැ පඩියට ටික ටික දෙන්න බලන්නම් ”‍ යැයි ඔහු පවසද්දි කලින් දුටු ඉටු දෙවියා වෙනුවට ඔහු තුළින් ආලවකයා දැක හොඳ හැටි බැන වැදුනාය.


පසුව ඇයට සිදු වුණ සිද්ධිය දැන ඇයගේ හදිසි අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා ආයතන ප්‍රධානියා ඇයට මුදල් ලබා දී ඇත්තේ ඇයගේ වැටුපෙන් අඩුකර ගැනීමට ඇය පොරොන්දු කරවාගෙනය.

කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

අනුන්ගෙ පානෙන් එළිය බලන්න ගිය කන්තෝරු හිතවතිය මර උගුලක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site