IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අන්දවා තොරතුරු දැන අසල්වැසියා කනෙන් රිංගලා

කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල නගරයට නුදුරු අර්ධ නාගරික ප්‍රදේශයකි. මේ දිනවල පවතින ඉන්ධන අර්බුදයෙන් මෙම ප්‍රදේශවල ජනතාවට ද එමට ගැටලු ඇති වී තිබේ.


මෙම ගමේ සමාජ සේවකයෙක් විය. මොහුට යතුරු පැදියක් තිබූ අතර අසල්වැසියෙක් මෙම යතුරු පැදියට තෙල් ලබා ගත්තාදැයි මෙම පුද්ගලයාගෙන් නිතරම විමසන්නට විය. 


මේ ගැන කිසිම සැකයක් තමාගේ සිත තුළ පහළ නොවූයේ පෙරකී පුද්ගලයා තමාගෙන් මෙම ඉන්ධන ගැන විමසන්නේ මේ දිනවල ඉන්ධන ලබා ගැනීම අසීරු කරුණක් වීම හේතුවෙන් බව ඔහු සිතූ නිසාය.


දින ගණනාවක් ගෙවිණි. එක් දිනක් මෙම සමාජ සේවකයා අසල ටවුමේ පිහිටි ඉන්ධන පිරවුම් හලේ ඉන්ධන එදින බෙදාහරින බවට ලද තොරතුරකට අනුව ඒ අසල පිහිටි දිගු පෝලිමට එක්වීමට ගියේය.


පැය හතරක් පමණ පෝලිමේ සිටි සමාජ සේවකයා එදින තම යතුරු පැදියට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට හැකිවීම හේතුවෙන් සතුටට පත්ව නිවෙස කරා එන අතර මග දී ඉන්ධන ගැන විමසන සුපුරුදු අසල්වැසියා හමුවී අදවත් තෙල් ලබාගත්තා දැයි විමසා තිබේ. එවිට ඔහු පවසා ඇත්තේ පාන්දර සිට පැය හතරක් පමණ පෝලිමේ සිට තම යතුරු පැදියට තෙල් ලබාගත් බවයි.


එදින රාත්‍රියේ තම නිවස අසල සිටින දඩාවතේ යන සුනඛයන්ගේ උඩුබුරු ලෑම මධ්‍යම රාත්‍රියේ ඇසීමත් සමගම නින්දෙන් අවදි වූ මෙම සමාජ සේවකයා තම යතුරු පැදිය නිවෙසේ ඉස්තෝප්පුවේ තිබෙන බැවින් ඒ ගැන විපරම් කිරීමට සිතා නිවස ඉදිරිපසට පැමිණියේය.
මේ අවස්ථාවේ දුටුවේ කළු කබායක් ඇදගත් මුහුණ ආවරණ කළ එක් පුද්ගලයෙක් යතුරු පැදියේ යට තිබෙන බටය ගලවා එයින් ඔහු ගෙනවිත් තිබූ භාජනයකට තෙල් ඉවත් කරන අයුරුයි.


තමන්ගේ යතුරු පැදියෙන් තෙල් ඇදගන්නා පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට නොහැකි විය. ඒ මෙකී පුද්ගලයා වහාම දණි පණි ගසා තෙල් ඇදීම නවතා ඒ වනවිට ඇද තිබූ තෙල් භාජනය ද රැගෙන  එම ස්ථානයෙන් පැනයාම හේතුවෙනි.


පසුව කළ සෝදිසියේ දී සමාජ සේවකයාට ඒත්තු ගියේ තම යතුරු පැදියේ තිබූ තෙල් වලින් බෝහෝ ප්‍රමාණයක් ඒ වනවිට ඇද ගෙන ගොස් තිබූ බවය.


තම යතුරු පැදියේ තෙල් ලබාගත් පුද්ගලයා කවුරුන්දැයි තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවීමට මත්තෙන් හැකි වූයේ  තමන්ගෙන් නිතරම යතුරු පැදියට තෙල් ලබා ගත්තාදැයි විමසූ පුද්ගලයාගේ හැඩ රුව පිළිබඳව මනා අවබෝධයක් තිබූ හෙයින් ඒ වනවිට පැවැති සඳ එළියෙන් මෙකී පුද්ගලයාගේ හැඩ රුව අනුව හඳුනා ගැනීමට වැඩි අපහසුවක් නෙමැති වූ නිසාය.


මෙම සිද්ධිය ගැන පොලීසියට පැමිණිලි කිරීමට සමාජ සේවකයා තීරණය කළත් තම බිරිඳගේ පෙරැත්තය මත අහළ පහළ අය තරහ කර ගැනීම සුදුසු නොවන බව සිතා එය සිදු නොකළේය.


 එදින සිට යතුරු පැදියට තෙල් ගැසුවේ දැයි සොරකම සිදුකළ පුද්ගලයා විමසීමක් සිදු නොකිරීම හේතුවෙන්  සොරා සම්බන්ධයෙන් වූ සැකය තවදුරටත් ස්ථිර වූ බව සමාජ සේවිකයාට කියා සිටියේ දැඩි කනස්සල්ලෙනි.

 



අදහස් (0)

අන්දවා තොරතුරු දැන අසල්වැසියා කනෙන් රිංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17953 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site