මාවතගම කාන්චන මාලා බණ්ඩාර
අන්තර් ජාලයේ සැරි සැරූ ඇයට මිතුරකු මුණ ගැසිණි. ඒ ඉන්දියානු ජාතිකයෙකි.
ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. රජයේ රැකියාවක් කළ 38 හැවිරිදි ඈ තරමක රූමතියකි. ඇගේ විවාහය දිනෙන් දින කල්ගත වීමට හේතු වූයේ හැමවිටම කඩවසම් සැමියකු සෙවූ නිසාමය.
අන්තර්ජාලයෙන් හමු වූ මිතුරා ඇය සමග තොරතුරු හුවමාරු කර ගත්තේය. වැඩිකල් නොගොස්ම ඇය ඔහුගේ පෙම්වතිය බවට පත් වූවාය. තමා ඉන්දියාවේ ව්‍යාපාර රැසක හිමිකරුවකු බව පැවසීමෙන් ඇගේ සිතට මහත් සැනසිල්ලක් ලැබුණි.
රට පෙම්වතා ඇය ඉක්මනින් විවාහ කර ගන්නා බව පැවසූ නිසා ඇයට තම මවුපියන්ගේ ද කැමැත්ත ලැබුණි. ඒ සඳහා දින ද නියම කෙරිණි. ඔහු ඇය වෙනුවෙන් මිලදී ගත් රන් ආභරණ ද ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇයට පෙන්වනු ලැබිණි.
ඔහු පැවසුවේ විවාහයට පෙරදින තමා ශ්‍රී ලංකාවට පැමිණෙන බවය. එබැවින් විවාහයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන ලෙස ද ඔහු දැන්වීය. දින ගෙවී ගියෙන් විවාහ දිනය එළඹිණි. අලුයම එන ගුවන් යානයේ තමා ඒම සඳහා පිටත් වූ බව ඔහු දැනුම් දුන්නේ ඇයට සතුට ද එක් කරමිණි.
තම අනාගත සැමියා කලින් කතා කරගත් පරිදි ගුවන් තොටුපළ වෙත එන නිසා ඔහු පිළිගැනීමට නෑදෑ පිරිසක් යැවීමට ඈ අමතක නොකළාය.
විවාහ නැකතට තව ඇත්තේ පැය කීපයකි. හදිසියේ ඇගේ දුරකථනය නාද විය. ඇගේ සතුට නිමක් නැත. ඒ ඔහුගේ හඬය. ‘‘මම ඔයාට ගෙනාව රන් බඩුවල වටිනාකම වැඩි නිසා ඉන්දියානු පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා. ඒව ගැන මට දුකයි. ඒ ටික නිදහස් කරන්න ලක්ෂ දහ අටක් ඕනෑ. පුළුවන්නම් මගේ ගිණුමට දැන්ම දාන්න.’’ ඈ හඬා වැළපුණාය.
අවසානයේ ඔහුගේ ගිණුමට මුදල් බැර කළේ මවුපියන් ඈ වෙනුවෙන් වසර ගණනාවක් ඉතිරි කළ මුදල් වලිනි.
පසුව ඇය ඔහු ඇමතීමට ගත් උත්සාහයන් සියල්ල නිෂ්ඵල විය. එතැන් සිට ඔහුගේ දුරකථනය ද නිහඬය. හඬා වැළපෙමින් ඇය පොලිසියේ සහාය පැතුව ද ඇය රැවටු මෙම ජාත්‍යන්තර වංචාකාරයා සෙවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අන්තර්ජාලයෙන් හමුවූ පෙම්වතා පෙම්වතියට ලක්ෂ 18ක පොල්ලක් තියලා