කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
මග මගදී හමුවන ඇහැට කනට පේන ලියන්ට විහිළු කිරීම පුරුද්දක් කරගත් අයකුට ආයෙත් ලියන්ට විහිළු කිරීම තියා ඒ පැත්තවත් නොබලන්න සිදුවූ අපූරු සිද්ධියක් පිළිබඳ කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ.
ඔහු දෙදරු පියකු වුවත් වැඩ රාජකාරී කළේ ඉලන්දාරියෙකු පරිද්දෙනි. නගරයේ මිත්‍ර සමාගමට වැටුණු විට ඔහු කටයුතු කරන්නේ අවිවාහකයකු ලෙසය. අඩියක් පුඩියක් ගැසූවිට ඔහුට ඇහැට කනට පේන කාන්තාවන් පෙන්නන්නම බැරිය. එම කාන්තාවන්ට කුමන හෝ විහිළුවක් තහලුවක් කර ඔහු ලබන්නේ අමුතුම සතුටකි. ලොකු වින්දනයකි.
එදා පස්වරුවේ දී ඩෙනිම් කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී ඇහැට කනට පෙනෙන ළඳක් නගර මධ්‍යයේ දී මිතුරු කැල සමග සිටිය දී ඔහුට මුණ ගැසුණේය. ඒ සමගම ඔහු ඇයට එක් ඇසක් පුංචි කර සූකිරි බෝලේ යයි කීවේය. මේ කාන්තාව ඔහු දෙස රවා බැලුවේ ඔහුගේ ඡායාරූපය ද සිය මනසේ සටහන් කර ගනිමින්ය. ඒ සිද්ධිය එතනින් නිමාවට පත්විය.
ඔහුගේ භාර්යාව තෙවැනි දරු පසූතියට රෝහල් ගත කෙරිණි. පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දියණියගේ පංති රැස්වීමක් සඳහා මවුපියන්ට පාසලට ඒමට නියම කර තිබිණ. කවදාවත්ම දරුවන්ගේ පංති රැස්වීමකට නොගියේ ඒ සඳහා භාර්යාවම සහභාගී වන නිසාය. එදා ඔහුට එම පංති රැස්වීමට යාමට සිදු වූයේ එහෙයිනි.
පංති රැස්වීමට ගිය මවුපියන් පංතියේ වාඩිවී සිටියේ පංති භාර ගුරුතුමිය එනතෙක්ය. ගුරුතුමිය පංතියට ආවාය. මේ සුකුමාල සුන්දර ගුරුතුමිය තමාට කොහේ දී හෝ හමුවී ඇති බවට ඔහුගේ චිත්ත සන්තානයට පැමිණියේ ඒ එක්කමය. කාරණය මතකයට ආවේය. එය සිහිවූ සැණින් ඔහුගේ මුහුණ බිමට හැරුණේය. දුවගේ පංති භාර ගුරුතුමිය ද මේ තැනැත්තා ඉතා අපහසුවෙන් සිටිනා බව තේරුම් ගත්තාය. ඒ නිසාම ඇය ඔහු දෙස හොඳින් බැලුවාය. නගරය මධ්‍යයේ තමන් ගමන් ගන්නා විට සූකිරි බෝලේ යයි කීවේ මේ පුද්ගලයා බව එදා සිය මනසේ සටහන් කරගත් ඡායාරූපය සමග සමපාත විය.
මොකද මේ තාත්තා විතරක් බොහෝම අපහසුවෙන් ඉන්නේ සූකිරි බෝලයක්වත් මතක් වෙලාදැයි ඇහුවේ තමන් ඔහු හඳුනාගත් බව ඇඟවීමටය. මේ කිසිවක් නොදත් මවුපියන් පංති භාර ගුරුතුමිය දිග හැරිය මේ තුන් තේරවිල්ල නොතේරුණ ද කොක් හඬලා සිනාසුණේ ඔහු දෙස බල බලාය. මෙයින් මහත් අපහසුතාවට පත් ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේ තමා එදා ඇහැක් ගසා සුකිරි බෝලේ යයි කියා ඇත්තේ තමාගේ දුවගේ පංති භාර ගුරුතුමියට නිසා ගුරුතුමිය තමාගේ දුවට මේ බව කියාවි දැයි යන බියෙන් සැකෙන් ඔහු දැන් ඉන්නවලු.
2025 දෙසැම්බර් මස 04
64
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
352
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
365
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනංග පාට් දාන්න ගිහින් පටි රෝල් වෙලා
himal Tuesday, 05 August 2025 01:14 PM
ඊට පස්සේ මෙහෙම කිව්වාලු "තරහා වනු එපා, අයදිමි මා කමා, ඔබ හා මා කලේ කතා, මගේ යෙහෙළියකැයි සිතා ඔබ ඈ වාගේමයි"