IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අනංගයකුට ඇටවූ උගුල ආපසු කැරකී ඇවිත්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය සහෝදර සේවකයාට ඇටවූ උගුලේ එම කාර්යාලයේම සේවිකාවක පැටළුණ අපූරු පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබේ.


ඔහු කාර්යාලයක අයකැමිය. නිල කාමරයක් තිබුණේ ආරක්ෂාකාරීව ගනුදෙනු කිරීමටය. ඔහු ගැහැනු පරානවලට ඇලු‍ම් කළ අයෙක්ද විය. 


සේවිකාවන්ට අනවශ්‍ය  විහිළුතහළු කර ඇස් රතු කරගත් අවස්ථාද ඇති තරම්ය. ඒ එකකින්වත් ඔහු පාඩමක් ඉගෙන නොගත්තේය.
වෙනදා  ඔහුගේ භාර්යාව අවශ්‍යතා සඳහා නගරයට යාම්ඊම් කළේ මගී ප්‍රවාහන බස් රථයෙනි. පවතින ඉන්ධන අර්බුදය හමුවේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය නොකරන නිසා නගරයට එන ඇය සිය සැමියාගේ යතුරුපැදියෙන් නිවෙසට යාමට කාර්යාලයට ඒමට පුරුදුව සිටියාය.


      එදා  ඇය නගරයේ  ගැවසෙනු දුටු සේවිකාවන් පිරිසක් ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමට කතිකා කර ගත්හ. ඒ අනුව පිරිසේ සිටි රූමත්ම කාන්තාව ඔහුගේ භාර්යාව ඔහු සිටින කාමරයට එනතෙක් රැකසිට ඊට කලින් එම කාමරයට රිංගා ඔහු ළඟට කිට්ටුවී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියාය. කිසිත් නොදත් ඔහු මේ රූමතිය සමග කතා බහ කළේ දැඩි ආශාවකිනි.


මේ රූමතිය ඔහුගේ ඇඟට තට්ටු දමමින් කතාකරනවාත් සමග ඔහුගේ භාර්යාවද එතැනට කඩපාත්වූවාය. මේ දර්ශනයෙන් ඇයට ආරූඩයක් වැසුනාක් මෙන් වූවාය. ඒ දෙස හොරෙන් බලා සිටි ඇත්තන්  සිතුවේ භාර්යාව පැනපු ගමන්ම සැමියාට කුඩය කැඩෙන තෙක්ම පහර දෙනු ඇතැයි සිතාය. එහෙත් සිදුවූයේ අනෙකකි. භාර්යාව රූමතියට කුඩය කැඩෙන තෙක්ම පහරදුන්නේ බැඳපු මිනිහකුටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති හැතිරියක් කියමිනි.


කාමරයෙන් දුවන තෙක්ම රූමතියට ඇය පහර දුන්නේ සැඟවී ඒ දෙස බලා සිටි පිරිසද හොල්මන් කරමිනි.

 



අදහස් (0)

අනංගයකුට ඇටවූ උගුල ආපසු කැරකී ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site