IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අතුරුදන්වූ යතුරුපැදි යතුර තනපට අස්සෙන් මාළු හට්ටියට

දඹුල්ල කාංචන කුමාර ආරියදාස
මළ ගෙදරක දී අතුරුදන්වී  කාන්තාවකගේ කුඩා යතුරුපැදියක යතුර පැය දෙක තුනකට පසුව බත් පිඟානකින් හමුවූ අපූරු පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන්  වාර්තා විය.


 දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඥාතිකම් මිතුරු සබඳකම් පවත්වන ලද අයෙකු  හදිසියේ මියයෑමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙම මළගෙදරට ඥාතීහු මෙන්ම හිතවත්තු රැසක් පැමිණියහ.


 මේ අතරතුර එම මළ ගෙදරට පැමිණි යුවතියකගේ යතුරුපැදිය නවතා ඇයගේ පුතා ජංගම දුරකථනය ඉල්ලා හඬා වැටෙන නිසා ඇය ජංගම දුරකථනය යතුරුපැදියේ අසුන ඔසවා එහි සඟවා යතුරුපැදියේ අගුළු දමා යතුර එම නිවස පිටුපස ආහාර පිසිමින්  සිටි තවත් කාන්තාවකට දී ඇත්තේ තම දරුවාට ජංගම දුරකථනය ලබාදීම  වැළැක්වීම සඳහාය.


පසුව මෙම කාන්තාව මළ  ගෙදරට සහභාගි වී පැය කිහිපයක් ගත කිරීමෙන් අනතුරුව නැවත පිටත්ව යෑම සඳහා යතුරු පැදියේ යතුර ආරක්ෂාවට බාරදුන් ආහාර පිසිමින් සිටි කාන්තාව  ළඟට ගොස් විමසීමේ දී ඇය අත තිබූ යතුර තිබූ තැනක් සොයා ගැනීමට නොහැකිවීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ.


 පසුව  විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන්ගෙන් යතුර දුටුවේද යන්න සොයා බැලීම් සහ තවත් කිහිප දෙනෙකු යතුර ලබා ගත්තේ ද යන්න ගැන සැක මතුවී මළගෙදර ආසන්නයේ එකිනෙකා අතර සැකයෙන් බැලීම ද ක්‍රියාත්මක වී තිබේ.


 ආහාර පිසීම සඳහා උදව් කිරීමට පැමිණි අයට දුරකථන ඇමතුම් දී මෙම නිවසේ තිබුණු යතුර රැගෙන ගියේද යන්න විමසීමත් සමග එම උණුසුම් තත්ත්වය තව තවත් වර්ධනය වන්නට වූයේ බොහෝ දෙනාගෙන් යතුරක් පිළිබඳව විමසීම නිසාය.


 යතුර ලබාදුන් කාන්තාව මෙන්ම යතුර ආරක්ෂාවට   දුන් කාන්තාව අතර ද සිත් අමනාප ඇතිවී මළ ගෙදරට පැමිණි බොහෝ දෙනාගේ අවධානය යොමුවූයේ මෙම කාන්තාවගේ යතුර සොරකම් කළේ කවුරුන්ද යන්න පිළිබඳවය .


 මේ ආකාරයෙන් යතුරු පැදියේ යතුර සොයමින් පැය ගණනාවක් ගත වෙද්දී තරුණිය යතුරුපැදිය මළගෙදර තබා බස් රථයක තම දරුවා සමග පිටත් වන බව පවසමින් හඬ හඬා සිටින අතර දිවා ආහාරය ගනිමින් සිටි පුද්ගලයකු එක් වරම තම බත් පිඟානෙ මාළු කැබැල්ලකට  යටවී  බත්  අනන  විට යතුරක්  හමුවී තිබේ.


 පසුව එම ස්ථානයේ සිටි කීප දෙනෙකුට ඔහු කියා ඇත්තේ යතුරක් ගිලපු මාළුවෙක් ආහාරයට පිස ඇති බවය. තමන් බෙදාගත් මාළු සමග  යතුරක්  ඇති බව පවසා ඔවුන් සිනාසෙද්දී  ඒ  සමඟ එහි සිටි අයෙකු යතුර අතුරුදන්වීමේ සිද්ධිය මෙම පුද්ගලයාට දැනුම් දී ඇත 
පසුව අාහාර  පිසින ස්ථානයට ගොස් බත් පිඟානේ තිබුණු යතුර එම අයට ලබාදීමත් සමඟ අමනාප වී සිටි සියලු‍ දෙනා දුක පැත්තකට දමා හයියෙන් කොක් හඬලා සිනා සී අයිතිකරුට යතුර භාර දී තිබේ.


 පසුව සොයා බැලීමේදී  හෙළි වී ඇත්තේ යතුර ආරක්ෂාවට තිබූ කාන්තාව තම තනපට අස්සේ මෙම යතුර සඟවාගෙන තිබියදී පහළ ළිපට පාත්වී මාළු  පිසින අවස්ථාවේදී එයට යතුර වැටී ඇති බව සියලු‍ දෙනාගේ අනුමානය  බවට පත්විය.


 මෙහි සිටි බොහෝ දෙනකු කියා සිටියේ තනපට අස්සෙන් මාළු හට්ටියට වැටුණු යතුරේ කතාව මළ ගෙදර පුරා බොහෝ දෙනාගේ කතාබහට ලක්ව  එය සිනාසෙන්නට තරම් සිද්ධියක් බවට පත් වීම ද විශේෂත්වයකි.

 



අදහස් (0)

අතුරුදන්වූ යතුරුපැදි යතුර තනපට අස්සෙන් මාළු හට්ටියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site