IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අක්කයි නංගියි දෙන්නම එක්ක පවුල් කන්න ගිය අනංගයා කූඩුවට

උණවටුන ඩී.ජී. සුගතපාල
අපුරු අක්ක නගෝ දෙදෙනකුගේ අප්‍රසන්න කතාවක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ දී අසන්නට ලැබුණි. අක්කාගේ වයස අවුරුදු  විස්සක් වන අතර නංගිගේ වයස අවුරුදු පහළොවකි.


නංගි තරමක් හිතුවක්කාරය. ළමා නිවාසයක නතරවීමට ද ඇය ආසා කළාය. ඒ නිසාම මෙයට වසර එකහමාරකට පමණ පෙර ඇය ළමා නිවාසගත වූවාය. ඒ වනවිට ඇය ගමේ පදිංචි 27 හැවිරිදි දෙදරු පියකු සමග ප්‍රේම සම්බන්ධයක් ද පටන්ගෙන තිබුණි. 


 ඇය ටික කලකට පසු  නැවත පාසල් යාමට අවශ්‍ය බව පවසා ළමා නිවාසයේ සිට නිවෙසට ආවාය. ටික දිනක් නිවෙසේ සිටියත් ඇය පාසල් නොගිය අතර හිතුවක්කාරකමේ අඩුවක් ද නොවීය.


මේ නිසා ඇය යළිත් ළමා නිවාසයේ නතර කිරීම  සඳහා අම්මා ඇය සමග ගාල්ල කොටුවේ පරිවාස කාර්යාලයට ආවත් එදා පරිවාස නිලධාරින් සිටියේ නැත. ඒනිසා අම්මා දුවත් සමග ගමේ යාමට ගාල්ල බස් නැවතුම්පොළට ආවාය. බස් නැවතුම්පොළේ දී අම්මා බලාපොරොත්තු නොවූ ලෙස දුව අතුරුදන් වූවාය. අවසානයේ අම්මා පැමිණ ගමේ පොලිසියේ පැමිණිල්ලක් දැම්මාය.


ඒ වනවිටත් දුව පැරණි පෙම්වතා සමග නිවෙසකට ගොස් මධුසමය ගතකරන බව අම්මා දැන සිටියේ නැත. ටික දිනකට පසු දෙදෙනා සහෝදරයකුගේ නිවෙසට පැමිණි අතර පැමිණිල්ල හේතුවෙන් පොලිසියට ගොස් නැවත ගෙදර යමින් සිටිය දී සිදුවූයේ  බලාපොරොත්තු නොවූ දෙයකි. නංගිගේ පෙම්වතා සමග අක්කා නිවෙසින් පැන ගොස්ය. ඒ වනවිට ඔහුගේ බිරියත් ඔහු හැර ගොස් තිබුණි.


එසේ පැන ගොස් මෙයට මාස එකහමාරකට පෙර අක්කා නිවෙසට පැමිණියාය. නංගි සමග පවත්වන සම්බන්ධය ඔහු අතහැර තිබුණේ ද නැත. එය දැනගත් අක්කා නංගිට අපූරු උපදෙසක් දුන්නාය. ”නංගි ඔයාට අවුරුදු දහඅට සම්පූර්ණ වුණාම මෙයා කසාඳ බැඳ ගන්න. එතකන් මම එයත් එක්ක ඉන්නවා.”


 තවත් වැඩි දවසක් එසේ ඉන්නට ලැබුණේ නැත. බාල වයස්කාර දැරියක් නීත්‍යනුකුල බාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ ස්ත්‍රී දූෂණය කිරීම යටතේ අක්ක නගෝ දෙදෙනාගේම පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගත්විය.


 ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා චෞද්රි  සැරයන්වරුන් වන තුෂාර (1144),  නිහාල් (58401), කොස්තාපල් චාමර (77954), කාන්තා පොලිස් කොස්තාපල් උදයංගනි (7861) යන මහත්ම මහත්මිහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළහ.


 කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අක්ක නගෝ දෙදෙනාගේම පෙම්වතා 27වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටත් නංගි ළමා නිවාසයේ රඳවා තැබීමටත්  නියෝග කළාය.



අදහස් (0)

අක්කයි නංගියි දෙන්නම එක්ක පවුල් කන්න ගිය අනංගයා කූඩුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site