කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නිවසේ නතර කර තිබෙන රථ වාහනවල තෙල් අදින හොරා පොලිසියට අල්ලාදීමට ගොස් රෙදි ගලවා ගත් ව්‍යාපාරිකයකු පිළිබඳව කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
ඔහු මධ්‍යම පන්තියේ ව්‍යාපාරිකයෙකි. මෝටර් රථයකට අමතරව යතුරුපැදි දෙකතුනක් ද ඔහුට තිබේ. තෙල් හිඟයක් ඇතත් ඔහුට නම් ප්‍රශ්නයක් නොවුවේ අතමිට තිබූ මුදල්වලට පින්සිදු වන්නටය.
ටැංකි පුරවා තිබෙන වාහනවල තෙල් හොරකම් කරන බවට ඔහුට දැනුණේ දින කිහිපයක සිටය. තෙල් හිඟ නිසා නවතා තිබෙන රථ වාහනවල තෙල් හොරකම් කර වැඩි මිලට විකුණන කල්ලි පිළිබඳව ඔහුද දනුම්වත් වී සිටියේය.
ඒ නිසාම සිය නිවෙසේ නවතා තිබෙන රථ වාහනවල තෙල් කවුරුන් හෝ හොරකම් කරනු ඇතැයි ඔහු සිතුවේය.
සිය වාහනවලින් තෙල් අදින හොරා අල්ලා ගැනීමට හේ පොලිසියේ පිහිට පැතීමට සිතා ගත්තේය .සී.සී.ටී.වී. කැමරා දර්ශන ඒ සඳහා සාක්ෂි ලෙස පොලිසියට ඉදිරිපත් කිරීමට ද ඔහුගේ සිහියට ආවේය.
තමන්ට සිය නිවෙසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවේ පටිගත කෙරුණු දර්ශන බලා ගැනීමට නොදන්නා නිසා ඔහු ඒ සඳහා ආයතනයක සහාය ලබා ගත්තේය. නිලධාරියා බොහෝම සීරුමාරුවට පටිගත කෙරුණු සී.සී.ටී.වී. දර්ශන නිරීක්ෂණය කළේ ඔහු ඉදිරිපිටය .
තමන් දැක පුරුදු අයකු බටයක් රැගෙන යතුරුපැදියකින් තෙල් අදිනු ඔහුට දැකගන්නට ලැබිණ. දර්ශන තව තවත් පැහැදිලි වන ආකාරයට බලමින් සිටියදී ඔහුට අනේ දෙවියනේ කියවුණේ ඉබේටමය. මොකද සර් තෙල් අදින්නේ දන්න කෙනෙක්ද නිලධාරියා ඇසුවේය.
මහත්තයා අනේ කාටවත් කියන්න එපා මම ඉල්ලන ගානක් දෙන්නම් තෙල් අදින්නේ කොල්ලන් එක්ක රංචුවට යන මගේ පුතා යයි ඔහු කීවේය.
දුරදිග බලන්නේ නැතිව පොලිසි ගියා නම් සර්ට මාර වැඩක් තමයි වෙන්නේ යැයි කියමින් එම නිලධාරියා ඔහු දුන්නු වැඩිපුර මුදලත් අතමිට මොලවාගෙන ගියද ඒ පිළිබඳව තවත් කිහිපදෙනකුගේම කනේ තබා තිබිණ.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තෙල් හොරා දැක්කාම ව්‍යාපාරිකයාට දෙලෝ රත්වෙලා