IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තරුණයාට යකා වැහිලා: දෙවියා අම්බානක ගුටි කාලා

(මොරගොල්ලාගම සිසිර  කැලේගම)
 ප්‍රේත ආත්මයක් වැලඳී තිබුණු තරුණයකුගේ ප්‍රේම ආත්මය ඉවත් කිරීමට ගොස් ප්‍රේතයා පහරදීමෙන් සාත්තුවට පැමිණි කට්ටඩියා රෝහල් ගත කිරීමේ පුවතක් ඇතුගල්පුර අවට ප්‍රසිද්ධියක් උසුලන උප නගරයකින් වාර්තා වේ.


 අනාවරණය වන ආකාරයට සිද්ධිය මෙසේය.


 ගැමි පෙදෙසක නිවහනක වාසය කරන ඔවුහු නිතර නිතර රෝගා බාධවලට ලක්වෙති. රෝහල කරා ගොස් ප්‍රතිකාර කළත් නිට්ටාවට සුව වන්නේ ද නැත.


මේ නිසා නිවසේ ගෘහ මූලිකයා දැඩි මානසික තත්ත්වයෙන් පසුවන මොහොතක ඔහුට හමුවූ හිතවතකුගෙන් යම් සහනයක් ලැබුණි. ඒ සක් සුදක් සේ සාස්තර කියන  දේවාලයකින් මෙම කරදරවලට විසඳුමක් ලැබෙන බවට හමුවූ හිතවතා පැවැසීම නිසාය.


 නියමිත කෙම්මුුර දිනයක අවැසි  පලතුරු වට්ටියක් ද රැගෙන නිවෙස ගැන බලන්නට නිවෙස් හිමියා දේවාලය කරා ගියේය.


පෝලිමේ රැඳී සිට තම වාරය පැමිණි පසු බුලත් අත හා පලතුරු වට්ටිය සමගින් පඬුරු ආදිය තබා ඔහු සාස්තරය අසන්නට විය.  


නිවෙසට මිය ගිය  කෙනකුගේ බැල්මක් නිසා නිවැසියන් වරින් වර රෝගා බාධවලට ලක්වන බවත් මේ නිසා දුකසේ උපයන සියල්ල නිකරුණේ විනාශ වන බවත් දෙවොලේ දෙවියා පැවසුවේය.


   ප්‍රේත ආත්මය නිවෙසේ සිටින තරුණ වියේ පසුවන පුතාට ආරූඪ  වී සිටින බවටද හෙළි කළේය.


එය ඉවත් කිරීමට අවැසි සාත්තුවක් නිවසේ සූදානම් කළ යුතු බවට උපදෙස් ලැබුණේය. මේ ගැන විශ්වාසයක් තැබූ නිවෙස් හිමියා කඩිනමින් එය ඉවත් කර ගැනීමට අවශ්‍ය සාත්තුව සිදු කිරීමට කටයුතු කළේය.


ඒ අනුව දෙවොලේ කණ්ඩායම නිවෙසට නියමිත දින සවස් යාමේ පැමිණියේය. බළි තොවිල් මැද රාත්‍රී කාලයේ සාත්තුව සිදු කරන අතරවාරයේ නිවෙසේ රැඳී සිටි තරුණයා පලා ගියේ ගෙදෙර කන්දොස්කිරියාව ගැන දැඩි කෝපයෙනි. 


ඔහු අල්ලාගෙන එන්නට  පිරිස ගියත් ඔහු නිවෙසට නොපැමිණෙන බව වටහා ගත් කට්ටඩියා ආරූඪයෙන්ම ඔහු රැඳී සිටින ස්ථානය කරා ගියේය.


එතැනට ගොස් තරුණයා අල්ලාගෙන හිස මත දෙහි ගෙඩි තබා කන්නලව් කරමින් දෙහි කපන්නට සූදානම් වනවාත් සමගම ආරූඪව සිටි දෙවියාට තරුණයා වැරෙන් පහර දුන්නේය.


ඔහු අත වූ දෙහි කපන්නට තිබූ ගිරය විසි වී ගොස් ඈතට වැටුණි. 


පහර කෑමට ලක්වූ කට්ටඩියාට ද අමාරුය.


තරුණයා යළි එතැනින්ද පලාගියේ නිදා ගැනීමට තැනක් සොයමිනි. ආරූඪව සිටි කට්ටඩියා දැඩි අපහසුතා හමුවේ පසුවේ.


සාත්තුව හා කන්නලව්ව පසෙක  තබා රැස්ව  සිටි පිරිස කට්ටඩියා වහා රෝහල් ගත කළේය.


දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඔහු  ඉන් නික්ම ගොස් ඇතත් අතුරුදන්වූ ගිරය තවමත් සොයා ගන්නත් නැතිලු. 

 



අදහස් (1)

තරුණයාට යකා වැහිලා: දෙවියා අම්බානක ගුටි කාලා

shen Wednesday, 21 July 2021 08:41 AM

විය යුත්තේ එයයි. මෙවැනි මිථ්‍යා මත කෙසේ හෝ ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන්කර දැමිය යුතුය.

:       90       122

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 108 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 522 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 801 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 644 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1137 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 881 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site