(මුදිතා දයානන්ද)
රෝහල්වල හා සෞඛ්‍යය ආයතනවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරිම නිසි පරිදි කළමනාකරණය නොකළ හොත් ඉදිරියේ දී බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිසර විගණන අංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රෝහල් රැසක සායනික අපද්‍රව්‍ය බැහැර කිරිම සම්බන්ධයෙන් බරපතල අඩුපාඩු රැසක් පවතින බවද සියලුම රාජ්‍ය හා පෞද්ගලික රෝහල් ද අනෙකුත් වෛද්‍ය ආයතන ද පරිසර ආරක්ෂක බලපත්‍රය හා උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය ලබාගත යුතු බවද විගණකාධිපතිවරයා එමගින් නිර්දේශ කර තිබේ.
විගණනයට යටත් වූ 2018 දෙසැම්බර් 31 වන විට ලියාපදිංචි රාජ්‍ය හා පෞද්ගලික වෛද්‍ය ආයතන 1521න් පරිසර ආරක්ෂන බලපත්‍රය ලබාගැනීමට ආයතන 328ක් පමණක් අයදුම් කර තිබු අතර එයින් සුදුසුකම් ලබා තිබුණේ ආයතන 181ක් එනම් 12% ක් පමණක් වන බවද එහි සඳහන් වේ.
රේඛිය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සායන හා ශික්ෂණ රෝහල් 47 අතරින් මෙම බලපත්‍රය ලබාගෙන රෝහල් 13ක් පමණක් බවද අනාවරණය වී තිබේ.
ආසාදිත සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය, රසායනාගාර රෝපණ. වසංගත රෝග වාට්ටු වලින් ජනිත අපද්‍රව්‍ය, උපකරණ හෝ මිනිස් පටක, භාවිතා කරන ලද මුවහත් උපකරණ, ඉදිකටු, ජෛව විද්‍යාත්මක හා කායිකච්ඡේදක අපද්‍රව්‍ය, පටක, ශරීර අවයව ආදි අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර යටතේ උපලේඛන ගත කර ඇති අපද්‍රව්‍ය කළමනාකරණ බතපත්‍ර ලබාගෙන තිබෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික වෛද්‍ය ආයතන 50ක් ද මුලික හා ශික්ෂක රෝහල 9ක් ද පමණක් බව එහි සඳහන් වේ.
රිජිවේ ආර්යා ළමා රෝහලේ විගණනයට ලක්වු 2019 ජනාරි 03 වැනිදා වන විටත් නිසි ගබඩා පහසුමක් නොවු අතර සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රෝහල් භූමිය තුළ ගොඩ ගසා තිබු බවද එහි දැක්වේ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ද සායනික අපද්‍රව්‍ය නිසි පරිදි වර්ණගත බහාලුම්වල අසුරා නොතිබූ බවද ඒ නිසා වඩා අන්තරායකාරී අපද්‍රව්‍ය පරිසරයට නිරාවරණය වීමෙන් පරිසරය හා මහජන සෞඛ්‍යය අවදානමකට ලක්කර තිබු බවද එම වාර්තාවේ දැක්වේ.
අක්‍රමවත් ලෙස සායනික අපද්‍රව්‍ය වැළලීම හා රෝහල් පරිශ්‍රය තුළ පිළිස්සීම වැනි අන්තරායකර කටයුතු සිදුව ඇති බවටද අනාවරණය වී තිබේ. කොළඹ ජාතික රෝහලේ දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1200ක් පමණ එකතු වන අතර ඒ සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැති අතර පවතින ගබඩා ද නිසි ප්‍රමිතියට සකස් කර නැති බවද ගබඩා කාමරයෙන් පිටත ද අන්තරාදායක ලෙස සායනික අපද්‍රව්‍ය ගොඩගසා තිබු බවද එම වාර්තාවේ සඳහන් වේ.
අපද්‍රව්‍ය ප්‍රතිකර්මය සඳහා වූ ඕස්ට්‍රේලියානු ආධාර ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් 15,023,157ක පිරිවැයක් දරා තිබුණ ද අපේක්ෂික අරමුණ ඵලදායීව ඉටුව නැති බවද විගණනයේ දී අනාවරණය වී තිබේ.
2019 දෙසැම්බර් 13 වැනිදා විගණකාධිපති ඩබ්.පි.සි.වික්‍රමරත්න මහතා විසින් මෙම වාර්තාව නිකුත් කර ඇත.
මාර්ග සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ දී ඔවුන්ගේ කාර්යසාධක වාර්තා අධ්‍යයනය කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්
අධිකරණ අමාත්‍යංශයේ මහජන දිනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ, මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා සැපයීම ඔක්තෝබර් 17 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්
සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා ස
විභාග සහතික පත්‍ර නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පොල්තෙල් හා පාම්තෙල් කලවම් කර විකිණීමට අනුමැතිය දෙමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාරිභ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සායනික අපද්‍රව්‍ය බැහැර කිරිම කළමනාකරණය නොකළොත් ගැටලු රැසක්