(බිඟුන් මේනක ගමගේ )
තොරතුරු දැනගැනීමේ කොමිසමට ලැබුණු අභියාචනාවලින් 87% කට අදාළ තොරතුරු නිකුත් කරන්නැයි එම කොමිසම නියෝග කර ඇති බව අධ්‍යයනයකින් හෙළිව තිබේ.
තාක්ෂණය, මාධ්‍යය සහ විකාශන සන්නිවේදනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ඉන්දියානු නීතිවේදිනියක වන අශ්විනි නඩේෂන් වීරබාහු විසින් කරන ලද අධ්‍යයනයකින් මේ බව හෙළිව ඇත.
නීතිවේදීනී අශ්විනි නඩේෂන් වීරබාහු මහත්මිය 2017 සිට 2019 දක්වා කාලයේ තොරතුරු කොමිසමට ඉදිරිපත් කළ අභියාචනා අධ්‍යයනය කිරීමෙන් මෙම අනාවරණය කර තිබේ.
එම අධ්‍යයනයට අනුව මධ්‍යම රජයේ පොදු අධිකාරින්ට එරෙහිව 783ක් ද පළාත් මට්ටමෙන් 259ක් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් 142ක් ද අභියාචනා ඉදිරිපත් වී ඇත.
තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව විවිධ අයදුම්කරුවන් තොරතුරු ලබාගැනීමට යාමේදී මුහුණ පාන දුෂ්කරතා සහ ගැටලු සම්බන්ධයෙන් තොරතුරු කොමිසන් සභාව වෙත 2017-2019 කාලය තුළ වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ ආයතනික විනිවිදභාවයට අදාළව අයදුම් කළ තොරතුරු විෂයෙහි බවත් එම අභියාචනා සංඛ්‍යාව 571ක් බවත් එම අධ්‍යයන වාර්තාවේ සඳහන්ව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තොරතුරු අභියාචනවලින් සියයට 87කට කොමිසමෙන් ඉඩ