IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


එ.ජා. සංවර්ධන වැඩසටහනට නව ශ්‍රී ලංකා නියෝජිතයෙක්

( තිළිණි ද සිල්වා )
 
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරයා ලෙස රොබට් යූහ්කම් මහතා පත් කරනු ලැබ ඇත.
 
එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින්  පත් කරනු ලැබූ රොබට් යූහ්කම්  මහතා ඉකුත් 15 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ලෙස වැඩ බාර ගනිමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා වෙත සිය අක්ත පත‍්‍ර බාර දුන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
 
 විදේශ අමාත්‍යවරයා වෙත අක්තපත‍්‍ර බාර දෙමින්  රොබට් යූහ්කම් මහතා කියා සිටියේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සීමා ඉක්මවා කටයුතු කොට , සංකීර්ණ ගැටලූ විසඳීමට උපරිම සහාය ලබා දෙන බවය.
 
 එසේම මිහිකත රැකගැනීමට හා සියලූ දෙනාට සාමය හා සෞභාග්‍ය භුක්ති විඳීමට ඉතා සබැඳි සංවර්ධන විසඳුම් අවශ්‍ය වන බවද හෙතෙම විදේශ අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.
 
 එස්ටෝනියා ජාතිකයෙකු වන රොබට් යූහ්කම් මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ  කැලිෆෝනියා හී සාන්ත බාබරා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධිධාරියෙකි.

 නව පදවියට පත්වීමට පෙර යූහ්කම් මහතා ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 1997 වසරේ සිට කටයුතු කරන අතර ජාත්‍යන්තර සංවර්ධන ක්ෂේත`යේ වසර 30ක පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.
 

 



අදහස් (0)

එ.ජා. සංවර්ධන වැඩසටහනට නව ශ්‍රී ලංකා නියෝජිතයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6106 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 309 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 338 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1271 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site