IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇමති චමල් අමාත්‍යංශයට අයත් ආයතන ඇමැතිවරුන් තිදෙනෙකුට පවරයි

(රංජන් කස්තුරි)
 
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යංශයට අයත් ආයතන කිහිපයක් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට පවරා තිබේ.
 
ඒ අනුව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ සීමාසහිත ජනතා ෆර්ටිලය්සර් එන්ටර්ප්‍රයිසස් යන ආයතනවල වගකීම් පවරා තිබේ.
 
වාරිමාර්ග සහ ග්‍රාමී සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා යටතට පත්කර ඇති ආයතන වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ග්‍රාමීය පුනර්ජීවන අරමුදල, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන අරමුදල, ජනදිරිය අරමුදල(ග්‍රාමීය මණ්ඩල අරමුදල), සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කො(ප්‍රයිවට්) ලිමිටඩ් හා ආශ්‍රිත සමාගම්, සීමාසහිත මහවැලි ලයිව්ස්ටොක් එන්ටර්ප්‍රයිසස් සමාගමය.
 
මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට පවරා දී ඇති ආයතනවන්නේ මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ව්‍යාපෘති, මහවැලි ඒකාබද්ධ ව්‍යාපෘතිය, උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සහ වී අලෙවි මණ්ඩලය ය.



අදහස් (0)

ඇමති චමල් අමාත්‍යංශයට අයත් ආයතන ඇමැතිවරුන් තිදෙනෙකුට පවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site