IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරාකයේ රැකියා සිහින මවා මුදල් වංචා කළ සැකකරු දැලේ


 
 
(තිළිණි ද සිල්වා) 
 
ඉරාකයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ රඳාවාන ප‍්‍රදේශයේ පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම කාර්යාංශය සඳහන් කර සිටී.


මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අංක 428/10, විලමුලවත්ත, රඳාවාන ලිපිනයේ පදිංචි පයාගලගේ රෝෂිනී ජෝයි ප‍්‍රසිඩස් ප‍්‍රනාන්දු නැමැත්තියකි.


ඉරාකයේ ඇමෙරිකා කඳවුරුවල ඉහළ වැටුප් සහිත ආරක්ෂක නිළධාරි රැකියා අවස්ථා ලබා දෙනවා යැයි පවසමින් මෙම සැකකරු විසින් පුද්ගලයින් 8 දෙනෙකුගෙන්  රුපියල් 50,000.00 බැගින් අත්තිකාරම් මුදලක් ලබා ගෙන තිබේ.


සැකකරු පැවසූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් එලෙස අත්තිකාරම් මුදල් ලබාදුන් පුද්ගලයකු විසින් සැකකරුට එරෙහිව කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් මෙම වැටලීම මෙහෙයවා තිබේ. 

 

මෙම සැකකාරිය ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඔක්තෝබර් 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබූ අතර  බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප අයදුම් පතක් ඉදිරිපත් කිරීමෙන් ලක්ෂ 5 ක ශරීර ඇප මත නිදහස් කරනු ලැබ ඇත.
 



අදහස් (0)

ඉරාකයේ රැකියා සිහින මවා මුදල් වංචා කළ සැකකරු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site