ඉහළ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය වැඩි වීම නිසා බොහෝ දෙනා විවිධ රෝගී තත්ත්ව ආදියට ගොදුරු වූහ. වායු දූෂණයත් රෝගී වීමත් අද ඊයේ සිදු වූවක් නොව කලක් පුරාම සිදුවන්නකි.
සංවේදී කණ්ඩායම්
ඒ අනුව කුඩා දරුවන්, ගැබිණි මවවරුන්, වයස්ගත පුද්ගලයන් සහ ඇදුම වැනි නිධන්ගත ශ්වසනාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට මුහුණු ආවරණ භාවිත කිරීමටත් හැකිතාත් නිවසින් පිටතට ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසත් උපදෙස් කල් තියාම සෞඛය අංශ විසින් නිකුත් කෙරිණි.
අංශුමය ද්‍රව්‍යවල බලපෑම
වායු දූෂණ තත්ත්වයට වගකිව යුතු බවට හඳුනාගෙන ඇත්තේ අංශුමය ද්‍රව්‍ය (Particulate Matter) බව විශ්ලේශකයින්ගේ අදහසයි. මේවා වාතයේ ස්වාභාවික සංයුතිය පවා වෙනස් කිරීමට සමත් වී ඇත.
අංශුමය දූෂක ලෙස පොදුවේ හැඳින්වෙන්නේ දුම්, අලු, දුහුවිලි සහ නොයෙක් වාෂ්ප වර්ගයි. වාහනවලින්, විවිධ කර්මාන්තශාලා සහ බලාගාර මඟින් මෙන්ම බාහිර පරිසරයේ නොයෙක් දෑ පිළිස්සීම නිසාද මේවා වැඩි වැඩියෙන් වායුගෝලයට මුදා හැරේ. පහසුවෙන් දැකිය හැකි වර්ණයකින් සහ එක් ස්ථානයක වැඩි වශයෙන් එක් රැස් වී පවතින අවස්ථාවල පමණක් අංශුමය ද්‍රව්‍ය පියවි ඇසෙන් දුමාරයක් ලෙස දකින්නට හැකියාව ලැබේ.
බරපතල හානිකාරකය
මෙම අංශු අතරින් වඩාත් කුඩා කාණ්ඩයට (PM 2.5) ඉතාම අහිතකර වේ. ඒවා පෙනහලුවල සියුම් අභ්‍යන්තර කොටස් දක්වාම ගමන් කිරීමටත් රුධිරයට ඇතුළුවීමටත් හැකියාව පැවතීම භයානක තත්වයක් ලෙස හඳුනා ගෙන ඇත.
වායු දූෂණයේ අනිටු පල
වායු දූෂණය වීම නිසා අඝාත තත්ත්ව, හෘදයාබාධ, පෙනහලු පිළිකා, නියුමෝනියාව, සහ නිධන්ගත ශ්වසන මාර්ග අවහිරතා (COPD) සඳහා ඍජුවම දායකත්වය සැපයේ. මීට අමතරව ඇස් දැවිල්ල සහ කඳුළු ගැලීම වැනි ආසාත්මික ලක්ෂණ ඇතිවීමත් ඇතැම්විට චර්ම රෝග උත්සන්න වීමත් වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නකි.
ලක්ෂයකින් 65ක් මිය යයි
කාලගුණයේ වෙනස්කම් සමඟ වරින්වර නිරීක්ෂණය වන බාහිර පරිසරයේ වායු දූෂණ තත්ත්වයට අමතරව ලාංකික අප බොහෝ දෙනා ජීවත්වන්නේ දූෂිත වාතයෙන් යුතු නිවාස තුළ බව විද්‍යාත්මකව සොයා ගෙන ඇත. ලාංකිකයින් ලක්ෂයක් ගතහොත් වර්ෂයකදී 65 දෙනෙකුට ඍජුවම වායු දූෂණය නිසා ජීවිත අහිමි වෙන බව වාර්තා වේ.
මේ මොහොතේ උද්ගතවී ඇති තත්ත්වයට නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට නිවැරැදිව අනුගත වීමත් අවශ්‍යය. තවද අප හුස්මගන්නා වාතය පිරිසුදුව පවත්වා ගැනීම උදෙසා නිවාස අභ්‍යන්තරයේ මෙන්ම බාහිර පරිසරයේත් වායු දූෂණයට තුඩු දෙන ක්‍රියාකාරකම්වලින් වැලකී සිටීම ඉතා වැදගත් වනු ඇති.
වායු දූෂණය වැලැක්වීමට අපිට කළ හැකි දෑ
නිවෙස් තුළ මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු සඳහා දර වැනි ගණ ඉන්ධන භාවිතය සීමා කිරීම
උඳුන්වලින් පිටවන දුම් නිවසින් පිටතට චිමිනියක් ඔස්සේ ලමන් කිරීමට ඉඩ සැලසීම, කැළිකසල ගිනි තැබීමෙන් වැළකී දිරායන දෑ කොම්පෝස්ට් සෑදීමටත් දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණයට කටයුතු කිරීම,
අපගේ පෞද්ගලික සහ පොදු භාවිතයට ගන්නා වාහනවල නිසි නඩත්තුව මඟින් විෂ දුම් වාතයට නිකුත්වීම අවම කරගැනීමද අපට කළ හැකියි.
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිණි)
-සටහන- මාධවී ධර්මරත්න
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වායු දූෂණයේ අනාගත අවදානම