IMG-LOGO

තෙල් ගැටලු හමුවේ ගැබිණි මවට කල්තියා රෝහල් ගතවීමේ සැලසුමක්

රටේ උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණයත් සමග ප්‍රවාහන සේවාවේද ගැටලුකාරී තත්ත්ව පැන නැගී ඇත. මෙම අවිනිශ්චිත වාතාවරණය හමුවේ දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවක් ඒ පිළිබඳ වෙනදාටත් වඩා වැඩි අවධානයක් , සංකූලතා ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ. ගැබිණි මවුවරුන්ට ඒ උදෙසා වන උපදෙස් මාලාවක් පහත ලිපියේ දැක්වේ.

දරු ප්‍රසූතියට සුදුසුම රෝහලයි

පසුගිය දශක කිහිපය පුරාම සෞඛ්‍ය සේවා පද්ධතියේ ඇති වූ ප්‍රගතියත්, දරු ප්‍රසූති අතුරින් සියයට 99.9ක්ම රෝහල්වල සිදු වීමත් හේතු කොට ගෙන ලංකාව ආසියාවේ අඩුම මාතෘ මරණ සහ ළදරු මරණ අවම රටක් ලෙස පිළිගෙන ඇත.

එයාකාරයෙන්ම මාතෘ මරණ සහ ළදරු මරණ අනුපාතිකය අවම මට්ටමක පවත්වා ගෙන යාම සඳහා දරු ප්‍රසූතිය සඳහා සුදුසුම ස්ථානය රෝහලකි. මන්ද ඕනෑම ගර්භනී කාන්තාවකට සෞඛ්‍ය ප්‍රශ්න රහිත පූර්ව ප්‍රසව කාල පරිච්ඡේදයක් තිබුණද දරු ප්‍රසූතියේදී සංකූලතා ඇති විය හැකියි. ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් මෙන්ම පුහුණු සහ නිපුණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් අපේ රටේ රෝහල් පද්ධතිය සමන්විතව ඇත.

ගැබිණි මවකට ප්‍රසව ලකුණු කලින් මතු වුවහොත්

එනම් පහළ උදරයේ වේදනාවක්, වතුර බෑගය කැඩී ගොස් නම් හෝ සැලසුම් කළ දරු ප්‍රසූතියේ දිනය ළඟා වුවහොත් කඩිනමින් රෝහලකට ඇතුළත් විය යුතුයි. ප්‍රසව ලකුණු ගැන සෑම මවක්ම හොඳ අවධානයකින් සිටිය යුතු අතර ගර්භනී කාලයේදී යම් සංකූලතා ඇති වූ මවුවරු ඒ අතුරින් විශේෂිත වේ. එසේම මවකට ප්‍රථම දරු උපතේදී ප්‍රසව ලකුණු පෙන්වීම තරමක් ප්‍රමාද වුවද දෙවැනි හා තෙවැනි දරු උපත්වලදී එය වේලාසනින් දැනීමට පුවවන. වේලාසනින් ප්‍රසව ලකුණු මතු වුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බැවින් ඒ සඳහා වහාම රෝහලකට ඇතුළත් විය යුතුයි.

නිවෙස්ගත දරු ප්‍රසූති ඉතා අවදානම්

යම් හෙයකින් දරු ප්‍රසූතියක් නිවෙස්ගතව සිදු වුවහොත් පසු ප්‍රසව අවස්ථාවේ ඇති විය හැකි සංතූලතා හේතුවෙන් මව සහ බිළිදා දැඩි අවදානමකට පත් වීමට ඇති ඉඩකඩ වැඩිය. එනම් පසුප්‍රසව අවස්ථාවේදී අධික රුධිර වහනය, බිළිදාගේ ශ්වසන අපහසුතා, ආසාදන තත්ත්ව සහ ඇතැම් විට මරණය පවා ඇති වීමේ හැකියාව නිසා මව සහ බිලිඳා පසුවන්නේ දැඩි අවදානමකයි. මෙවැනි තත්ත්ව වැලැක්වීමට ගතහැකි සියලුම ක්‍රියා මාර්ග ගත යුතු බැවින් කල්ඇතුව රෝහල් ගත වීමට හොඳ සහ නිරවුල් සැලැස්මක් තිබීම වැදගත්ය.

කල් තියා රෝහල්ගත වීමේ සැලැස්ම

සෑම ගර්භනී කාන්තාවක්ම දරු ප්‍රසූතියේ සැලැස්ම ගැන පවුල් සෞඛ්‍ය සේවිකාව සමඟ සාකච්ඡා කොට ඇයව දැනුම්වත් කර තිබීම අවශ්‍ය වේ. එසේම තමා නොහිතන අවස්ථාවකදී වුව රෝහල් ගත වීමට සිදු වුවහොත් ඒ සඳහා හැකි ඉක්මනින් ළඟා වීම සඳහා වන ප්‍රවාහන සැලැස්මක්ද තිබිය යුතුයි.

නොවැලැක්විය හැකි ප්‍රවාහන දුෂ්කරතා මතුවේනම් ඉක්මනින් ළඟම ඇති රෝහලට ඇතුළත් වීම සම්බන්ධයෙන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනිය සමග කලින් සාකච්ඡා කොට තිබීම වැදගත්වේ. එවිට නොවැලැක්විය හැකි ප්‍රවාහන දුෂ්කරතාවකදී ඔබට ඉක්මනින් ළඟම ඇති රෝහලට යාමේ අවස්ථාව උදාවේ.

යම්හෙයකින් රෝහල වෙත යාමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම අපහසු නම් සුවසැරිය ගිලන් රථ සේවාව හරහා එම පහසුකම් ලබා ගත හැකියි. එබැවින් තව දුරටත් කාලය අපතේ නොයවා 1990 අංකය හරහා මෙම සේවාව සමග සම්බන්ධ විය හැකියි.

මවගේ පෝෂණය

මේ දුෂ්කර කාලසීමාවේදී වුවද මවක් තමාගේ මෙන්ම කුසතුළ සිටින සිඟිත්තාගේද පෝෂණය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි. රෝහල් සායනයෙන් ලබා දෙන යකඩ පෙති ගැනීම ප්‍රතික්ෂේප නොකර නිසි පරිදි බෙහෙත් නොකඩවා ලබා ගන්න. ත්‍රිපෝෂ නිකුත් කිරීම වුවද ඉදිරි සතිවලදී යම් ප්‍රමාණයකින් හෝ රෝහල්වලට නිකුත් කිරීමට කටයුතු යොදමින් සිටී.

අනවශ්‍ය බියක් එපා

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඔබගේ සහ සිඟිත්තාගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පෙරතියා සූදානම් කර ගැනීම හැරුණු කොට අනවශ්‍ය බියක් , ආතතියක් ඇති කරගත යුතු නැත.

පූර්ණ රැකවරණය

වත්මන් තත්ත්වය හමුවේදී පවා දරු ප්‍රසූතියේදී සම්පූර්ණ රැකවරණය ලබා දීමට සියලුම රෝහල් වගකීමෙන් බැඳී සිටින නිසා හැකි ඉක්මනින් රෝහල් ගත වන්න. එය ඔබගේත් මෙලොව එළිය දැකීමට සිටින සිඟිත්තාගේත් ජීවිත ආරක්ෂාව උදෙසා වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

තෙල් ගැටලු හමුවේ ගැබිණි මවට කල්තියා රෝහල් ගතවීමේ සැලසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 14 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site