IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ග්‍රීන් ටී‘ පානය සුදුසුද?

‘හරිත තේ‘ මේ වනවිට ලොව පුරාම ප්‍රචලිත පානයකි. සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් උදෙසා හරිත තේ පානය ඉවහල් වෙනවාද නැද්ද යන්න විමසා බැලීම වැදගත් වේ. නිරෝගීකම රැක ගැනීම සඳහා වන ක්‍රියාකාරී සංයෝග රැසක්ම හරිත තේවල අන්තර්ගතයි.

1)  මේදය දහනය කරයි

සිරුරේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම අද බොහෝ දෙනකුට ඇති ගැටලුවකි. හරිත තේ පානය මගින් එය බොහෝ දෙනකුට සමනය කර ගත හැකියි.

2)  පිළිකා අවදානම අඩු වේ.

බෝ වන රෝගවලටත් වඩා ශීඝ්‍රයෙන් බෝ නොවන රෝග සමාජය ගිල ගනිමින් සිටී. බෝ නොවන රෝග අතුරෙන් අද ඉහළින්ම කතා කරන පිළිකාවලට වාර්ෂිකව ගොදුරු වන සහ මිය යන පුද්ගලයන් කොතෙක්ද? හරිත තේ පානයට හුරු වීමෙන් ඔබටද මෙම භයානක තත්ත්වයෙන් මිදිය හැකි වේ.

3)  මොළයේ ඇති ආතතිකාරී තත්ත්වය මඟ හැරේ.

4)  දෙවන වර්ගයේ දියවැඩියා තත්ත්වයෙන් වැලකීමට උපකාරී වේ.

සීනි අඩංගු නොවීම මෙහි ඇති අනෙක් විශේෂත්වයයි.

5)  හෘද රෝගවලින් වලක්වාලයි.

සීනි සේම මේද රහිත වීමම හදවතට කෙතරම් ගුණදායකද?

6)  ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.

7)  මුඛ සෞඛ්‍යය රැක දේ.

සීනි, පිටි භාවිතයෙන් රහිත නිසා එය ඔබේ දත්වල නිරෝගිතාවට හේතුවකි.

8)  බර තුලනය කරයි.

9)  දීර්ඝායු ලැබීමටද හේතුවක් බව ලෝකයේ බොහෝ රටවල් හරිත තේ යොදා ගනිමින් කළ පර්යේෂණ බොහොමයකින්ම සනාථ වී ඇත.

මේ අනුව සමහර සෞඛ්‍ය පුරුදුවලට හුරු වීම අපහසු වුවත් කෙසේ හෝ එයම හොඳ ඇබ්බැහියක් වු විට නිරෝගීතාව පවත්වා ගැනීම වඩාත් පහසුය.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

‘ග්‍රීන් ටී‘ පානය සුදුසුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site