මවුපියන් වාහකයෙන් වුණොත් දරුවට හැදෙනවා
විවාහයට පෙර ලේ බලාගන්න
(උපදෙස් - කුරුණෑගල ශික්ෂණ රෝහලේල ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඊ.එම්. රංජනී එදිරිසූරිය)
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැනයි මේ සටහන.
මොනවගේ රෝගයක්ද?
තැලසීමියාව නම් ජානගත රෝගය දරුවෙකුට වැලඳෙන්නෙ මවුපියන්ගෙන් එනම් මෙය උපතේදීම ඇතිවන රුධිරගත රෝගී තත්ත්වයක්. ජානමය වෙනසක් මගින් හිමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇතිවීම නිසා හටගන්නා රෝගී තත්ත්වයක්ග මහා තැලසීමියාව යනු තැලසීමියාවේ වඩාත් බරපතළ තත්ත්වයයි.
අපේ රටේ තත්ත්වය කොහොමද?
මේ වනවිට අපේ රටේ දරුවන් දෙදහසක් පමණ මහා තැලසීමියා රෝගීන්බවට පත්ව සිටිනවා. මිලියන භාගයක් පමණ පිරිසක් තැලසීමියා වාහකයින් ලෙස රට පුරාම සිටිනබවටද ගණන් බලා තිබෙනවා.
හැදෙන්නෙ කොහොමද?
තැලසීමියාව සහිත දරුවෙකු උපදින්නේ තැලසීමියා රෝගී වාහකයන් දෙදෙනෙකු අතර සිදුවන එක්වීමකින් පමණයි. එසේ නොමැතිව මෙය බෝවීමකින් හෝ වෙනත් හේතුවකින් වැළඳෙන රෝගයක් නොවෙයි.
දරුවාගේ රුධිරයේ හිමොග්ලොබින් තත්ත්වය ඉතා අවම වෙනවාග රතු රුධිරාණුවක ආයු කාලය දින එකසිය විස්සයි. මහ තැලසීමියා තත්ත්වය ඇති කෙනකුගේ සිරුරේ රතු රුධිරාණුවක් තියෙන්නෙ සතියක් දෙකක් වගේ ඉතාම කෙටි කාලයක්ග. මෙම දරුවන් නිරෝගීව ඉපදී මාස තුන හතරක් යනවිට සුදුමැලි වෙන්නල කහ පාට වෙන්න පටන් ගන්නවා දරුවා කෑම කන්නෙ නැහැ. කිරි උරා බනෝනෙ නැහැ. නිතරම උණ සෑදෙනවා. මෙවැනි රෝග ලක්ෂණ තිබෙන විට ඒ තැලසීමියා තත්ත්වයක් දැයි අම්මට අවබෝධයක් නැතිවෙන්න පුළුවන්ග එහෙත් රුධිර පරීක්ෂණයකින් මේ තත්ත්වය හඳුනාගන්න පුළුවන්.
රෝගය හඳුනාගත් පසු
මහා තැලසීමියා රෝගී දරුවෙකුට ජීවිතය පවත්වා ගැනීමට නම් අඩුම තරමින් මාසයකට වරක්වත් රුධිරය පාරවිලනය කළ යුතුයි.එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මේ නිසා ලේ දන්දීමේ වැඩසටහන්වලින් ලේ බැංකුවලට එකතුවන රුධිරයෙන් වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන්නේ මේ රෝගී දරුවන්ටයි. රුධිරය ලබාදීමේදී සිරුරට යකඩ ද එකතුවෙන අතර එම යකඩ දරා ගැනීමේ හැකියාවක් මේ දරුවන්ට නැහැ. මේ නිසා අතිරික්ත යකඩ ප්‍රමාණය සිරුරෙන් ඉවත් කිරීමටද නැවත ඖෂධ ලබාදිය යුතුයි. එසේ නොකළොත් හෘදය අකර්මණ්‍යවීමටල ඇට මිදුලු ප්‍රසාරණය වී ඉදිමීමටල අග්න්‍යාශයේ යකඩ තැන්පත් වී දියවැඩියාව ඇතිවීමටග අක්මාවට හානිවීමට පුළුවන්ග තැලසීමියාව රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන්නේ මේ සියලු සංකූලතා ද මැඩපවත්වා ගනිමින් ප්‍රතිකාර කළ යුතු නිසයි.
වාහකයෙක් හඳුනාගන්නෙ කොහොමද?
තැලසීමියා වාහකයා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ . වාහක තත්ත්වය හඳුනාගත හැක්කේ රුධිර පරීක්ෂණයකින් පමණයි. වාහකයා තැලසීමියා රෝගියෙක් නොවන අතර එම රෝගය ඊළඟ පරම්පරාවට ගෙන යන්නේ එම වාහකයා යි. වාහකයින් දෙදෙනෙකු අතර සිදුවන එක්වීමකින් උපදින දරුවා මහා තැලිසීමියා රෝගියෙක්බවට පත්වෙනවා.
ඔබ සම්පූර්‍ණ රුධිර පරීක්ෂාවක් කින් මේ තත්ත්වයේ මූලික දැනුමක් ලබාගත හැකියිග එනම් එම පරීඣෂණ සටහනේ හිමොග්ලොබින් සහ ඊට පහළින් ඵඣඪ සහ ඵඣ්‍ය ලෙස රතු සෛලවල දත්ත දෙකක් දක්වනවාග ඵඣඪ අගය 80 ට වැඩි සහ ඵඣ්‍ය අගය 27 ට වඩා අඩු අගයක් දක්වන්නේ නම් එය සැලකිලිමත් විය යුතු තත්ත්වයක්ග එනම් එම පුද්ගලයා තැලසීමියා වාහකයෙකුවීමේ සම්භාවිතාව ඉතා ඉහළයිග එවැනි විටෙක කළ යුත්තේ තැලසීමියා සොයන පරීක්ෂණ සඳහා යොමුවීමයි.
එමෙන්ම වාහකයෙකු නම් එම පුද්ගලයාට රෝස පැහැති කඩ්පතක් නිකුත් කරන අතර වාහකයෙකු නොවන්නේ නම් කොළ පැහැති කාඩ්පතක් නිකුත් කරයිග රෝස පැහැති කාඩ්පතක් නිකුත් කළ පමණින් ඔහු හෝ ඇය රෝගයෙකුබව කියැවෙන්නේ නැහැ.
ඔබ සම්පූර්ණ රැධිර පරීක්ෂාවක් කළ මොහොතක එම වාර්තාව වෙද්‍යවරයාට පෙන්වා තැලිසීමියා වාහක තත්ත්වයක් ඇත්දැයි දැන ගැනීමට වුවත් පුළුවන්.
දැන් හුඟක් රෝගී දරුවන් වෙනස්
තැලසීමියාව මුළු ජීවිත කාලයටම බාලපාන රෝගයක් වගේම එයත් සමජ ජිවත්වීම ඉතා අසීරු කටයුත්තක්ග එහෙත් රෝගයට තමන්ව පරාජය කිරීමට ඉඩ නොදෙමින් වැඩ කරන ධෛර්යවන්ත දරුවෝ බොහෝයිග විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනල තැලසීමියා රෝගයේ ව්‍යාප්තිය නැවැත්වීමට තම කාලය - ශ්‍රමය වැය කරනල සමාජ මාධ්‍ය හරහා සමාජය දැනුවත් කරමින් කටයුතු කරන දරුවන් ඒ අතර සිටිනවාග එය අපට ආඩම්බර විය හැකි කරුණක්ග සමහර දරුවන් තම රුව පිළිබඳව පවා සැලකිලිමත්වෙමින් ඉතා ලස්සන ජිවිත ගත කරනවා
රුධිර පොරොන්දම ගළපාගන්න
තැලිසීමියා රෝගී දරුවන් බිහිවෙන්නේ වාහකයින් අතර ඇතිවන එක්වීමකින් පමණක් වන හෙයින් එම රෝගය වළක්වා ගැනීමට නම් කළයුතු එකම දේ වාහකයින් අතර සිදුවන විවාහ වැළැක්වීමයි. එබැවින් විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් මගින් දෙදෙනාම වාහකයින් නොවනබව හඳුනා ගැනීම සුදුසුම ක්‍රමයයි.
තැලිසීමියා වාහකයින් රට පුරාම
මීට පෙර තැලිසීමියා වාහකයින් බහුතරයක් හඳුනා ගත්තේ කුරුණෑගල සහ අනුරාධපුර ප්‍රදේශවලින් වුවත් මේ වනවිට රට පුරාම වාහකයින් සිටිනබව හඳුනාගෙන තිබෙනවාග මේ නිසා තැලිසීමියා අවදානම රටපුරාම විහිද ගොස් අවසන්ග අනුරාධපුරල රාගම, කුරුණැගල, මහනුවර ආදී රෝහල්වල තැලිසීමියා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානද පිහිටුවා තිබෙනවා.
දැලිසීමියාව තුරන් කළ රටක් වෙනුවෙන් ඔබට කළ හැකි එකම දෙය තමන් වාහකයෙකු දැයි හඳුනා ගැනීම තවත් වාහකයකු සමග විවාහ නොවී සිටීමයි.
(උදේශිකා නෙලුම්දෙනිය)
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් න
වර්තමානයේ ලොව පුරා අකල් මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ හෘදය ආශ්‍රිත රෝගයි. මෙම තත්ත්වය දියුණු රටවල මෙන්ම දියුණුවෙමින් පවතින රටවලද දක්නට ලැබෙන ත
ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද
පිළිකා රෝගය කලින් කඳුනා ගනීමෙන් නිට්ටාවටම වුව සුව කරගත හැකි රෝගයකි.. එහෙත් නොසැලකිලිමත්කමෙන් හෝ නොදැනුවත්බවින් සිටියහොත් එසේ සුව කරගත හැකි අවස්ථා මග
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව