IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ස්නායු රෝගීන්ට කොවිඩ් එන්නතෙන් ලැබෙන ආරක්ෂාව

ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ

අප සියලුම දෙනා මුහුණ දී සිටින්නේ කොවිඩ් - 19 ශ්‍රීඝ්‍රයෙන් පැතිරෙන අවදියකටයි. කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමටත්, රෝගයේ සංකූලතා අවම කරනු පිණිසත් එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. එවන් මොහොතක එන්නත් වර්ගීකරණයක් නොකොට ලැබෙන පළමු අවස්ථාවේදීම සියලුම දෙනා එන්නත ලබා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය නිගමනයයි.

බහුතරයක් දෙනා එන්නත ලබා ගැනීමට උත්සුක වෙද්දී නිදන්ගත රෝගාදියෙන් පෙළෙන ඔබට එන්නත ගැන ගැටලු රාශියක් ඇති විය හැකියි. ආඝාතය, අපස්මාරය, පාකින්සන් රෝගය, ඩිමෙන්ෂියා වැනි නිදන්ගත ස්නායු රෝගයකින් පෙළේ නම් ඔබටත් එන්නත ලබා ගැනීම ගැන මේ වනවිට ගැටලු ඇති වී තිබිය හැකියි.

සාමාන්‍ය නිර්දේශය වන්නේ ඔබට පහසු තැනකින් ඕනෑම වර්ගයේ කොවිඩ් මර්දන එන්නතක් ලබා ගන්නා ලෙසයි. කොවිඩ් -19 රෝගයේ සංකූලතාවලින් මෙබඳු රෝගීන් මිය යාමේ ප්‍රවනතාවක් ඇති නිසා කොවිඩ් මර්දන එන්නත ලබා ගත යුතුමයි. නිදන්ගත රෝගීන්ට ප්‍රශ්න සංකූලතා හට ගැනීමේ ප්‍රවනතාව වැඩි නිසාත් එවන් රෝගියකු එන්නත ලබා ගැනීම සඳහා වඩාත් සුදුස්සකු වේ.

සමහර විට ඔබ මේ වනවිටත් ස්නායු සායනයකට සහභාගී වන්නකු විය හැකියි. එසේනම් එම ඖෂධ නොකඩවාම භාවිත කිරීමට වගබලා ගන්න. ඔබට සායනයට සහභාගී වීමට නොහැකි අවස්ථාවකදී අදාල ඖෂධ ළඟම ඇති රෝහලෙන් ලබා ගැනීමට උත්සුක වන්න. කිසිම හේතුවක් නිසාවත් ඖෂධ ලබා ගැනීම පැහැර නොහරින්න.

යම් හෙයකින් ඔබ කොවිඩ් රෝගයේ ගොදුරක් වුවහොත් හුස්ම ගැනීමේ අපහසුතාවක් පැන නැගී ඇත්නම් හැකි ඉක්මනින් රෝහල් ගත වන්න. එසේම කොවිඩ් ආසාදනය වීම නිසා ඔබට ස්නායු රෝගයේ සංකූලතාවල වැඩී වීමක් දැනේ නම් එයද ඔබ රෝහල් ගත විය යුතුම අවස්ථාවකි. නොඑසේනම් වෙනත් ස්නායු රෝගී සංකූලතාවක් ඇති වේයැයි ඔබට හැඟේනම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වේ. අවසාන වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට අනුකූල වෙමින් කොවිඩ් පාලනය සඳහා ඔබගේ දායකත්වය හැකි උපරිමයෙන්ම ලබා දෙන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ස්නායු රෝගීන්ට කොවිඩ් එන්නතෙන් ලැබෙන ආරක්ෂාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 60 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site