IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් ආසාදිත දරුවන්ට හැදෙන තවත් ලෙඩක්

මේ දිනවල දරුවන් අතර ව්‍යාප්තව යන කොවිඩ් ආශ්‍රිතව වාර්තාවන, ළමා බහු අවයව-පද්ධති ‍ප්‍රදාහ සින්ඩ්රෝමය හෙවත් MIS-C (Multisystem Inflammatory Syndrome in Children) තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් කරුණු සාකච්ඡා කෙරේ.

Mis- C රෝගය ගැන කෙටි හැඳින්වීමක් ....

MIS-C රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් කොරෝනා ආසාදන තත්ත්වය හා සම්බන්ධව ඇතිවිය හැකි සංකූලතාවක් බව වෛද්‍ය විද්‍යාක්මක අනාවරණයයි .

බොහෝ දරුවන්ට මෙය ඉතා සුළු ආසාදිත තත්ත්වයක් ලෙස ඇතිවිය හැකි නමුත් ඉතා කලාතුරකින් මෙය ඉතා දරුණු රෝගී තත්ත්වයකට උත්සන්න විය හැක. මෙය කුඩා දරුවන්ගේ හෘදය වස්තුව, පෙනහළු, වකුගඩු මොළය, සම සහ සමහර අවස්ථාවලදී ආහාර මාර්ග පද්ධතිය යන අවයව ආශ්‍රිතව හට ගත හැකියි.

ලෝකයේ COVID -19 ආසාදන තත්ත්වය ඉතා දරුණුවට පැතිර ගිය රටවල් වල 2020 වසරේ අප්‍රේල් මාසය පමණ සිට වාර්තා වූ මෙම රෝගී තත්ත්වය ලංකාව තුළ ද ඉතාමත් මෑත කාලීනව ව්‍යාප්ත වීම ආරම්භ වී ඇත. මෙහිදී වැදගත් කාරණය වනුයේ මෙම රෝගයේ රෝග ලක්ෂණ කල් තබා හඳුනා ගැනීමයි. සමහර දරුවන්ට කොරෝනා ආසාදන තත්ත්වයක රෝග ලක්ෂණ පහළ නොවී මෙම රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කළ හැකි බැවින් පහත රෝග ලක්ෂණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ළමා රෝග විශේෂඥයෝ සඳහන් කරති.

• උණ

• උදරයේ වේදනාව

• වමනය

• පාචන තත්ත්වය

• බෙල්ලේ කැක්කුම

• සමෙහි පලු දැමීම

• ඇස් රතුවීම

• වෙනදාට වඩා අධික ලෙස විඩාවට පත්වීම

මෙම රෝග ලක්ෂණ සියල්ලස එකම ආකාරයට සියලුම දරුවන්ට ඇති වන්නේ නැති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වඩාත් වැදගත් වේ.

දරුණු රෝගී තත්ත්වයක ලක්ෂණ ලෙස

• හුස්ම ගැනීමේ අපහසුතාවයක්

• පපුව සිර කරන ආකාරයෙන් ඇතිවන පපුවේ වේදනාවක්

• අවදි වීමට නොහැකි බව හෝ පියවි සිහියෙන් සිටීමට නොහැකි වීම

• දරුවා සුදුමැලි ගැන්වූ බවක් නිරීක්ෂණය වීම

• ඉතා දරුණු උදරයේ වේදනා තත්ත්වයක් ඇතිවීම

මෙවැනි රෝග ලක්ෂණ මතු වුවහොත් ඉතා ඉක්මනින් රෝහලකට රැගෙන ගොස් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු වේ.

එමෙන් ම පවතින තත්ත්වය යටතේ දරුවන් COVID-19 ආසාදනයෙන් ආරක්ෂා කර ගැනීමටද දැඩි අවධානයක් යොමු කළ යුතු අනෙකුත් විශේෂිත කරුණයි.

නිවසෙහි එක් අයෙකු හෝ කොවිඩ් ආසාදනය වුවහොත් නිවස තුළ කොවිඩ් වෛරසය පැතිරයාම සිදුවීමට ඉතාමත්ම වැඩි අවදානමක් ඇති නිසා නිවැසියන් සියලු දෙනාම මේ දිනවල නිවසෙන් පිටතට යාම අනිවාර්යයෙන්ම අවම කරගත යුතු වේ. ඒ අනුව අත්‍යාවශ්‍යම කරුණක් හැරුණු විට නිවසින් පිටතට නොයන්න. නිවසේ සිටින සම්පූර්ණයෙන් එන්නත් කරණය කරන ලද වැඩිහිටියන් පවා, එන්නත නිසා දැඩි රෝග තත්ත්වයෙන් බොහෝ දුරට ආරක්ෂාවක් ලැබුව ද, වෛරසය ශරීරගත වී, තව කෙනෙකුට සම්ප්‍රේශනය වීමේ හැකියා සහිත පව වටහා ගන්න. නිවැරැදිව තම දෑත් පිරිසුදු කරගන්නා ආකාරය, මුව ආවරණයක් නිවැරදිව පළඳින ආකාරය, පුද්ගල දුරස්ථභාවය පවත්වාගන්නා ආකාරය සහ කැස්ස / කිවිසුම් ආවරණය කරගන්නා ආකාරය ගැන නිවැරැදිව සහ ක්‍රමවත්ව දරුවාටත් පුරුදු කරන්න. ඔවුන් ඒවා නිවැරදිව පිළිපදින බවට වග බලා ගන්න.

එසේ ම සෙනග බහුලව ගැවසෙන එකිනෙකා ආසන්නයේ සිටින ස්ථානවලට කුඩා දරුවන් රැගෙන යෑමෙන් වැලකිය යුතුයි. එබඳු තැන් ඔබටත් මඟ හැර යා හැකි නම් වඩා සුදුසු වේ. කුඩා දරුවන් නිතර මුව ආවරණය මෙන්ම නාසය හා මුඛය ස්පර්ශ කරන නිසා මෙවන් ස්ථානවල දී වෛරස ශරීරගත වීමේ හැකියාව ඉතා වැඩියි. විශේෂයෙන් ම මුහුණු ආවරණ හෝ ෆේස් ෂීල්ඩ් භාවිතය සුදුසු නොවන වයස අවුරුදු දෙකට අඩු දරුවන් මෙවැනි අවදානම් ස්ථානවලින් ඈත්කර තබාගැනීමේ වගකීම වැඩිහිටි ඔබ සතුයි.

නිවසට ආගන්තුකයන් පැමිණීම ද මේ කාලයේ හැකි සෑම විටම අවම කරගත යුතු යි. නිවැසියෙක් නොවන කෙනෙක් දරුවා වඩා ගැනීම සුරතල් කිරීම ආදී දේ කිරීමෙන් වැලකිය යුතුයි.

COVID - 19 වසංගත කාලයේ වෙනදාමෙන් සමාජශිලී වීමට ඉඩ නොලැබීම නිසා දරුවන් අසතුටට පත්ව සිටිනවා විය හැකියි. නිවසේ දී හැකිතාක් ඔවුන්ව ක්‍රියාකාරීව සතුටින් තැබීමට කටයුතු කරන්න. දරුවන් සමග සතුටින් නියැලිය හැකි, දරුවාගේ බුද්ධි වර්ධනයට ද රුකුල් දෙන, නිවසේදී සිදු කළ හැකි ක්‍රියාකාරකම් ගැන දැනුම්වත් වෙන්න.

මේ ගතවන වසංගත කාලයේ මනා සිහි බුද්ධියකින් කටයුතු කිරීම අප මෙන්ම අපේ දරුවන්ගේ ආරක්ෂාවට ද මහත් රුකුලක් බැව් නිතරම මතකයේ තබා ගන්න.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතරු අසුරිනි.)

සටහන:- මාධවී ධර්මරත්න

 



අදහස් (0)

කොවිඩ් ආසාදිත දරුවන්ට හැදෙන තවත් ලෙඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 825 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 953 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 387 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site