(පැතුම් දර්ශන)
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති මුස්ලිම් පල්ලි 23 හි දොරගුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමු බව හොරොව්පොතාන මහ පල්ලියෙ සභාපති ඒ.එම් සියාම් මහතා (28) පැවසීය.
සභාපති වරයා එසේ පැවසුවේ හොරොව්පොතාන කිව්ලේකඩ මුස්ලිම් පල්ලියේ පුද්ගලයන් 70 ක භාගිත්වයෙන් පැවැති දේව මෙහෙය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුස්ලිම් මහ පල්ලියෙ සභාපති ඒ.එම්.සියාම් මහතා පැවසුවේ ඊයේ(27) දින සිදු වූ එම සිදුවීම පිළිබඳව තමන් ඇතුළු හොරොව්පොතාන ප්‍රදේශයෙ ජීවත්වන සියලුම ඉස්ලාම් බැතිමතුන්ගේ කනගාටුව පළ කරන බවය. පොලිස් ඇඳිරි නීතිය පනවා පවතින අවදානම් තත්වය පිළිබඳව පෙර දැනුම් දීම් කර තිබියදීත් ඒ පිළිබඳ සැලකිල්ලකට නොගෙන සිදුකරන මෙවැනි හැසිරීම් තරයේ හෙළා දකින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් දේව මෙහෙයකට සහභාගී වූ හොරොව්පතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපති වරයා ඇතුළු දාහත් දෙනෙකුට ඊයේ(27) නීතිමය පියවර ගැනීමට හොරොව්පොතාන පොලිසිය කටයුතු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියට පුළුවන් ගෙදර ඉදන් තමන්ගේ කාමරයකට වෙලා පැය 24 වදින්න. පල්ලි වලට ගිහින් බිම වැටිලා වදිනකොට කොයිතරම් විෂබීජ ගොඩකටද මුහුණ තියෙන්නේ අත්දෙක සෝදාගන්න ගන්න මතක තියාගන්න. මේ ලෙඩේට බෙහෙත් හොයගන්නකම් පවුලේ අයත් සමගත් දුරස්වෙලා ඉන්න බලන්න ව්ටෙට්ට එකතු වෙලා කිසිම දෙයක් කරන්න එපා. අපිට මොනවා හරි වුනොත් බේරගන්න එන්නේ හමුදාවයි දොස්තරවරුන් විතරයි ආගමික නායකයින්ට කිසිවක් කළ නොහැක.
හොරොව්පතා් විතරක් පල්ලි 23 ක් ? කොටි ගහන්න කලින් ඕා හොඳ සිංහල ගම්මාන.
පල්ලි ,පන්සල්, කෝවිල් ඔක්කොම වහන්න ඕනා. මිත්‍යා දෘෂ්ටියෙන් දැන්වත් මිදිය යුතුයි... දෙවියන් සිටින්නේ රෝහල් වලයි.
සෞදි අරාබියේද පල්ලි වසා තියෙන විට අයියා මොකද වදින්න හදන්නේ? ඉක්මනින්ම 72 බලන්නද ?
අපි දැක්ක ඉන්දියාවේ මේවගේ ඇඳිරි නීතිය කඩ කරමින් දේව මෙහෙයක් පවත්වපු පිරිසකට පොලිසිය විසින් මදි නොකියන්න වේවැල් කසාය පොවනවා. අපේ රටේ එහෙම කළා නම් කොහොම තියෙයිද ?
දොරගුළු දාල වහන්න තරම් මොලේ නැද්ද මෙච්චර ගැටළුවක් තියෙනවා කියලා..??
ඒ ගොල්ලො වහලා වැඩක් නැ පොලිසියෙන් සීල් තියන්න ඕන....