හජ් වන්දනා සමයේදී මුස්ලිම් බැතිමතුන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව සෑම වේලාවකදීම මුස්ලිම් බැතිමතුන් මුඛ ආවරණ පැළැඳිය යුතු අතර හජ් වන්දනාවට විශාල පිරිසක් පැමිණීම වළක්වා ගැනීම සඳහා සේවකයන් යොදවන බව ද සෞදි බලධාරීහු කීහ.
හජ් වන්දනාව යනු ඉස්ලාම් බැතිමතුන්ට ඇතැම් විට තම ජීවිත කාලයේ එක් වතාවක් පමණක් ලැබෙන අවස්ථාවකි. එම නිසා බොහෝ ඉස්ලාම් බැතිමත්හු කෙසේ හෝ හජ් වන්දනාවේ නිරත වීමට උත්සාහ කරති. වාර්ෂික හජ් වන්දනාව වෙනුවෙන් මිලියන ගණනක් මක්කමට පැමිණෙන අතර තෙරපීම නිසා බොහෝ පිරිසකට ජීවිත ද අහිමි වේ. හජ් වන්දනාවට සාමාන්‍යයෙන් වසර පැමිණෙන පිරිස මිලියන 2ක ඉක්මවයි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මෙවර හජ් වන්දනාව දහසකට අධික සංඛ්‍යාවකට සීමා කර ඇත.
වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞදි අරාබිය සීමා පනවා ඇති අතර හජ් වන්දනා සමය වෙනුවෙන් ද විශේෂි විධිවිධානල සලසා ඇත. ඒ අනුව බැතිමතුන් සහ සෞඛ්‍ය සේවකයන් සඳහා උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ද සෞදි අරාබියේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
එම උපදෙස්වලට අනුව හජ් වන්දනා සමයේදී බැතිමතුන් සාමාන්‍ය කාලයේදීත් ආගමික වතාවත්වල නිරත වන විටදීත් මීටර එකහාමාරක පරතරයක් තබා ගත යුතු ය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලා දෙවියන්ට ඒක වළක්වන්නට බැරිද?
සෞදියේ නීතිය තද නිසා මේ අය එහේ ගියාම මුහුණු ආවරණ නියමිත පරිදි දමාවි. ඉල්ලන්නේ ෂරියා නීතිය. එහෙත්, මේ රටේ නිරෝධායන නීති මුස්ලිම් මිනිසුන් හරි හැටි පිළිපදින්නේ නැති බව බේරුවල, දර්ගා නගරය ආදී ප්‍රදේශවල සැරිසරන්නෙකු හට දැක ගැනීමට පුළුවන්... බස්රථ වලදීත්, පාරේ යෑමේදීත්, බොහෝ මුස්ලිම් මිනිසුන් මුහුණු ආවරණය දමන්නේ බෙල්ලට හෝ නිකටටයි. බොහෝ වෙළඳසැල්වල සිටින අය මුහුණු අවර්ණය දමන්නේද බෙල්ලට හෝ නිකටටයි. එබැවින් දෙවැනි රැල්ලක් ඇතිවුනොත්, එය ඉක්මනින්ම මේ මිනිසුන් තුළින් බෝවේවි..!!! එබැවින්, මොවුන්ට තදින් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරවිය යුතුයි.
එතකොට ඔය දෙවියන්ට තමන්ගේ අනුගාමිකයන් ඕකෙන් ආරක්ෂා කරන්න බැරිද?