IMG-LOGO

ස්පාඤ්ඤයට යන සියලු දෙනාම දින 14 ක නිරෝධායනයට

විදෙස් ගතව සිට පැමිණෙන සෑම අයකුම දින 14 අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු යැයි ස්පාඤ්ඤ ආණ්ඩුව අද (12) නිවේදනය කළේය.

ලබන සිකුරාදා (15) සිට එය ක්‍රියාත්මක වන බව ද ස්පාඤ්ඤ ආණ්ඩුව සඳහන් කළේය.
 
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤ හදිසි නීතිය පැනවීය. හදිසි නීතිය මැයි 24 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
 
විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමුවීමේ නියෝගය මැයි 24 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද ආණ්ඩුව නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
 
අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක වන්නේ ද නැද්ද යන්න මැයි 24 වැනිදා දැනුම් දෙන බව ද ස්පාඤ්ඤ ආණ්ඩුව තවදුරටත් සඳහන් කළේය.
 
ඒ.එෆ්.පී. 
 
055



අදහස් (0)

ස්පාඤ්ඤයට යන සියලු දෙනාම දින 14 ක නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site