(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාර රෝහලේ බාබර් පාටියේ යොදවා සිටි සිරකරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිරකරුවා කන්දකාඩු සිට රැගෙනවිත් තිබූ සිරකරුවන් කිහිපදෙනෙකු රඳවා සිටි සිරකුටියක සිටි අයෙකු බවත් ඔහු පසුව බන්ධනාගාර රෝහලේ වාට්ටු ගණනාවක බාබර් පාටියේ රාජකාරී සිදුකොට ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම සිරකරුවාට කොරෝනා වයිරසය වැළදී ඇති බවට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් හෙළි කරගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා ඇතැයිද වාර්තා වේ.
ඒ අනුව මේ වන විට වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වැලිකඩ සිටි තවත් රැඳවියෙකුට කොරෝනා