(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීමහෙට (27) සිට තවකාලිකව නවතා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ඒ.ඩී. සුරවීර මහතා පැවසීය.
කෙසේ වෙතත් පාර්සල් ලෙස ආහාර අලෙවිකිරීම ඇතුලු අනෙකුත් සේවවන් පෙර ලෙසම කරගෙන යා හැකි බවද ඒ මහතා කිය.
වාරියපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත පුද්ගලයින් හතර දෙනෙකු හමුවීම හේතුවෙන් උද්ගතව ඇති අවධානම් තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය මෙම තීරණයට එළැඹීය.
ප්‍රදේශයේ ඇතිවී ඇති අවධානම් තත්වය මධ්‍යයේ ඉදියේදී කටයුතු කල ආකාරය පිලිබඳව වාරියපොල පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය,ප්‍රාදේශීය සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය එකව කරන ලද සාකච්ඡාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මේ බව කියා සිටියේය
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වාරියපොළ ආපනශාලා තුළ ආහාර ගැනීම නවත්වයි
rasika Sunday, 26 April 2020 11:41 AM
මුඛ ආවරණ, අත් වැසුම් පළඳින්නේ, ගලවන්නේ කෙසේද යන්න විස්තර කරන්න...
Ile Sunday, 26 April 2020 11:57 AM
වාරියපොල ප්‍රදේශයේ ආපනශාලා තුළ ආහාර ගැනීම නතර කළාට ආපන ශාලාවෙන් එළියට ඇවිත් ආහාර ගන්න පුළුවන් නේද?
Siri Monday, 27 April 2020 06:52 AM
එතකොට ඔය පාර්සල් ආහාර පැකට් කරන්නේ කොහෙද?කව්ද?කොහොමද?කියල බලනවද?
PererareTuesday, 28 April 2020 03:01 AM
ඇයි අහන්නේ? තමන් පැකට් හදන්නද ?
lalithmTuesday, 28 April 2020 03:59 AM
තරහ අවසර!!!. කොහොම හරි ජොබ් එකක් සෙට් කරගන්න බලලා තියෙන්නේ. පුලුවන්නම් බත් පැකට් කරන්න කෑලි ගණනට වැඩට ගන්න.