(ඩයනා උදයංගනී)
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කිසිම සීමාවක් පනවා නැතැයි ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා පැවසීය.
නමුත් කොරෝනා වයිරසය ව්‍යාප්තවීම සමඟ එම රටවල්වලින් යම් යම් සීමා පනවා ඇති නිසා ඔවුන්ට ගමනා ගමන කටයුතු දුෂ්කර විය හැකි බව ආගමන විගමන පාලකවරයා සඳහන් කළේය.
එබැවින් යළි මෙරටට පැමිණීමට උත්සාහ කිරීමට වඩා එම රටවලම රැඳී සිටීම ආරක්‍ෂිත බව ද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට පැමිණියත් ගුවන් යානයේදී හෝ වෙනත් ස්ථානයකදී කොරෝනා වයිරසය ආසාදනයවීමේ අවදානමක් ඇති නිසා අත්‍යාවශ්‍ය නම් පමණක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද සරත් රූපසිරි මහතා කීවේය.
ආගමන විගමන පාලක ජනරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවටත්, හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවටත් දිනපතා විශාල පිරිසක් පැමිණෙන බව කී රූපසිරි මහතා අත්‍යාවශ්‍යම කාරණාවලට හැර ඒ වෙත නොපැමිණෙන්නයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
විදේශ රටවලට වීසා නිකුත් කිරීම මේ වන විට සීමා කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවට එන්නේ නැතිව දැනට ඔවුන් ඉන්නා රටවලම නැවතී ඉන්න එකයි වඩාත් ප්‍රායෝගික වෙන්නේ... කොරෝනා වයිරසය දැන් ලෝකයේ බොහෝ රටවල පැතිරී ඇති බැවින් ඒ රටවල ඉන්නා ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණීමෙන් වෙන්නේ අපේ රටේ රෝග නිවාරණය සඳහා යොදාගැනීමට ඇති සීමිත සම්පත් අනවශ්‍ය පරිදි අපතේ යාමක් පමණයි. ගුවන් යානා හෝ බස්රථ දුම්රිය හෝ නැව් මඟින් ගමන්කිරීමේදී වසංගතය වැළඳීමේ ප්‍රවණතාවය ඉතාම ඉහළ මට්ටමක ඇති බැවින් එසේ ගමන් නොකර ඔවුන් ඉන්නා රටවලම හිටියොත් මේ වසංගතය වැළඳීමේ ඉඩකඩ ඉතාම අවම වන නිසා එය තමා කළයුත්තේ... අපේ රටට ආදරයක් ඇත්නම් මේ වෙලාවේ පිටරටවල ඉන්නා අය ඒ රටවලම නැවතී සිටීම තමා කළහැකි හොඳම වැඩේ. ලංකාවේ දැනට මේ වසංගතය බෝවී ඇත්තේ විදෙස් රටවල සිට පැමිණි පිරිස් සහ විදේශිකයින් ඇසුරුකළ අයට බව මෙහිදී මතක තබාගත යුතුයි.
සුපුරුදු විදිහට ඉස්සෙල්ලා වැරදි තීරණයක් අරගෙන අනාගෙනයි ඉන්නේ... අද යන්තම් තීරණය වෙනස් කළා.
වැරදි කතාවක්. වියත්තු වටකරන ආපු ජනාධිපති කිව්වට අඩුගානේ මෝඩ ආණ්ඩුව තවම කොරෝනා රෝගයේ බරපතලකම තේරුම අරන් නැතිබවයි පේන්නේ... කොරෝනා කියන්නේ වාතය මගින් බෝවෙන රෝගයක් වගේම බෝවීම මේ තරම් විශාල වශයෙන් මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වුනේ සංචාරකයන් මගින්... මේක තමයි මේ රෝගයේ මූලික කරුණු දෙක... තුන්වෙනි එක තමයි මේ රෝගය පැතිරෙන රටාව. ඒ කියන්නේ මුලින්ම කොරෝනා චීනයෙන් පටන් ගත්තම කවුරුවත් හිතුවේ නැහැ... මේක ඇමරිකානු රටවලට යුරෝපය දක්වා ව්‍යාප්ත වෙයි කියලා. බොහෝ අය හිතුවේ චීනෙන් නවතියි කියලා. ඒ හින්දා ලෝක නායකයින් වැඩ කලේ වගකීම් විරහිතව. චීනේ විතරයි තමන්ගේ රටින් පිටට යන පිරිස්වලට කොරෝනා පරීක්ෂණ කලේ. අනෙත් රටවල නගරවල් සීල් තිබ්බට රටින් පිටට යන මිනිස්සු චෙක් කලේ නැහැ. රෝගය බෝවුණු මුල්ම කාලේ චීනෙත් අසරණ වුණා. සිය ගණන් මිනිස්සු මැරිලා වැටුණා. අද ඒකම ඇමරිකාවේ මැදපෙරදිග බ්‍රිතාන්‍යයේ යුරෝපයේ වෙනවා. මේක යන රටාව අනුව ඊළඟට අප්‍රිකාව වෙන්න පුළුවන්. ලෝකය පුරා කොරෝනා තවත් පැතිරෙන එක නවත්තන්න පුළුවන් එකම විදිහ සංචාරකයන් නවත්තන එක. චීනේ ඇරුණාම වැඩිපුරම මිනිස්සු මැරුණේ ඉතාලියේ. හේතුව යුරෝපයේ වැඩිම වැඩිහිටියන් ඉන්න රට ඉතාලිය වීම...
ඒ ගොල්ලෝ තමයි මේ ලෙඩේ ලංකාවට අරන් එන්නේ..?
එන්න. ආ විගස නිරෝධායන වෙන්න ඔබටත් හොඳයි, රටටත් වගේම, මිනිස් වර්ගයාටත් හොඳයි. එයාපෝට් එකේ කචල් දැම්මොත් කණට පාරක් ගහලා නැවත රට පටෝනවා...