(රංජිත් රාජපක්ෂ)
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
එම ජල විදුලි බලාගාරයේ සේවකයින් තිදෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වූ නිසා එම ජල විදුලි බලාගාරයේ සෙසු සේවකයින් ඊයේ (05) ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කළ බවත්, එහිදි සේවකයින් 07 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව එම නිලධාරියා කියා සිටියේය.
එම අසාදිතයින් හමුවීමත් සමග ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් 140 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කර එම සේවකයින් ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයේ සේවක නිල නිවාස වලම ස්වයං නිරෝධායනයට යොමු කළ බව ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ නිලධාරියෙක් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ 10කට කොරෝනා
Kasun Saturday, 06 March 2021 08:50 AM
එහෙම ලයිට් කපලා දාලා ඕක වහලා දාන්න. එතකොට හරි.
ලලන්ක Saturday, 06 March 2021 10:48 AM
බයවෙන්න දෙයක් නෑ. විදුලිබල මණ්ඩලය කොරෝනා පරීක්ෂණ කරන්න විදුලි ඉංජිනේරු මහත්තයෙක් පත් කරාවි.