IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රජයේ රෝහල්වලින් පසුගිය සතියේ කොරෝනා රෝගීන් නෑ

(*** සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ කිසිදු රෝගියකු රජයේ රෝහල්වලින් ඉකුත් සතියේදී වාර්තා වී නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ‘‘ලංකාදීප’’යට පැවසුවාය.

නිරෝධායන මධ්‍යස්ථානවලින් කොරෝනා රෝගීන් වාර්තාවීම ද සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි කී විශේෂඥ වෛද්‍යවරිය වයිරසය රට පුරා ව්‍යාප්තවීම බොහෝ දුරට පාලනය වී ඇතැයි ද ප්‍රකාශ කළාය. රෝහල්වලට ඇතුළත් කෙරෙන ගර්භනී මවුවරුන්, ශ්වසන අපහසුතා සහිත රෝගීන්, තදබල සංකූලතා පවතින රෝගීන් හා වෙනත් සැකකටයුතු රෝගීන් දෛනිකව පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරෙන බව ද ඇය පැවසුවාය.

දැනට අපට යම් ගැටලුවකට ඇත්තේ නාවික හමුදාවේ ආසාදිත භටයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් පමණක් බව කී පබා පලිහවඩන මහත්මිය, එම රෝගී පොකුරද සෞඛ්‍ය අංශ විසින් පාලනයට නතු කරගනු ලැබ ඇතැයි සඳහන් කළාය.  මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණවලින් හඳුනාගැනෙන රෝගීන් සංඛ්‍යාවද 3 % තුනක් දක්වා පහත බැස තිබෙන බවත්, එය සතුටුදායක කාරණයක් බවත් විශේෂඥ වෛද්‍යවරිය කීවාය



අදහස් (0)

රජයේ රෝහල්වලින් පසුගිය සතියේ කොරෝනා රෝගීන් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site