IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


රාජ්‍ය ඔසුසැල් හැර සියලු වෙළෙඳසැල් වසා දමයි

(දිල්රුක්ෂි ග්‍රේරු)

වහාම ක්‍රියාත්මක වන පරිදි  රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල්  හා  සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ.

ඇඳිරිනීතයේදී  ඖෂධ අවශ්‍ය  විටෙක නිවසටම ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සළසා තිබේ.

එමෙන්ම  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී තිබුණද   වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීම සිදු කරන බවට ලැබුණු පැමිණිලි අනුව  වහාම එම වෙළෙඳසැල් වසා දැමීමට පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී  තිබේ.
 



අදහස් (18)

රාජ්‍ය ඔසුසැල් හැර සියලු වෙළෙඳසැල් වසා දමයි

Asela Friday, 27 March 2020 09:34 AM

ලංකාවේ බොහෝ ඈත ගම්දනව් වල සිටින අයටත් ගෙදරටම ගෙනත් දෙනවද.. මුදල් අඩුකම නිසා බොහෝ දෙනෙක් දවසකට 2කටත් ෆාමසි වලින් බෙහෙත් ගන්නවා. ඒ වගේ සුලූ ප්‍රමාණයකුත් ගෙදට්ටම ගෙනත් දෙනවද කරන්න බැරි වැඩනේ.... වෙන්නෙත් නැහැ..

:       216       528

KalpaFriday, 27 March 2020 09:52 AM

ඔයාගේ කියමන සම්පුර්ණ ඇත්ත.

:       57       113

ranaFriday, 27 March 2020 12:32 PM

අපේ රටේ යථාර්තය මේ අයට අමතක වී බොහෝ කල්නේ ?

:       0       1

indikaSaturday, 28 March 2020 05:12 AM

අසේල- ටිකක් ලෝකය දිහා බලල හොඳ ක්‍රමයක් අනුගමනය කරන්න. එම පළාත් වලට එම පළාත් වල ආයතන වැඩ හරියට සිදුකරාවී. හැම දේටම කකුල දාන්න එපා.

:       0       0

Chaminda Friday, 27 March 2020 09:46 AM

සෑම නගරයකම එස්පීසී ෆාමසියක් නොමැත

:       55       127

Nuwan Friday, 27 March 2020 10:03 AM

කොරෝන ලෝකෙට බෝ කරපු වගකීම් විරහිත රටෙන්ම කෝටි ගණන් ණය ගත්ත හදිස්සියේම, මහ මෝඩ වැඩක් ඒක මේ වෙලාවේ.

:       159       323

lalithm Friday, 27 March 2020 10:18 AM

අපි කරදර විඳින්න ඕනේ තමා. මම අද මිනුවන්ගොඩ ඔසුසලට ගියා. පැය එකහමාරක් විතර ඉඳල බෙහෙත් ගත්ත. එහෙත් මේ අවට වෙන කොහෙවත් රාජ්‍ය ඔසුසල් නැහැ, මෙච්චර වෙලා ගියෙත් අවට පුද්ගලික ඔසුසල් 03ක් විවෘත්තව තිබියදී. ඉතින් ඔය කියන විදියට ඔක්කොම නැවත්තුවම පෝලිම් හැදෙන එක නවත්වන්නේ කොහොමද? එතනත් පෝලිමක් හැදෙනවා නේද? අනික මහා නගරවල විතරද මිනිස්සු ඉන්නේ ලංකාවේ?

:       74       158

lalithmFriday, 27 March 2020 11:42 AM

සවි ශක්තිය තියෙන තරුණ අය ගැන විතරක් හිතල තීරණ ගන්නවා වගෙයි. ඔය තීරණ ගන්න අයත් වැඩිපුරම මහල්ලෝ කියල හිතෙන්නේ නැතිව ඇති.

:       18       22

UpulFriday, 27 March 2020 11:44 AM

දියුණු රටවල ඖෂධ ජනතාවට සපයන්නේ රජයේ පුර්ණ මැදිහත්වීම මත. ඒ වගේම හැමදේම ජාලගත කරලා තියෙන්නේ, ඒවා නියාමනය රජයෙන් වෙන්නේ. හොර බෙහෙත් ,හොර දොස්තර වැඩ කරන්න බැහැ, වැඩිමිලට විකුණන්න බැහැ.

:       0       33

පියරතන Friday, 27 March 2020 10:20 AM

අපි දැන් වයසකයි. හදිසියකට බෙහෙත් පෙති ටිකක් මිලට ගන්න ගියේ ළඟම තියෙන ෆාමසියට. වෙනත් ක‍්‍රම අපි දන්නෙ නැහැ. දැන් ඉතින් ඒකත් බැරි හැඩයි.

:       174       209

thushara Friday, 27 March 2020 11:11 AM

සමහර මිනිස්සු ආච්චිගේ ක්ලිනික් පොත අරගෙන රවුම් ගහන්න ගියා. ඒ නිසයි මෙහෙම තීරණයක් අරන් තියෙන්නේ. අපිට ලැබෙන අවස්ථාවනුත් අපේම අයථා භාවිතය නිසයි. නැති කරගන්නේ. කීප දෙනෙක්ගේ වැරදි වැඩ නිසා අහිංසක මිනිස්සුත් දුක් විදිනවා.

:       0       52

Dinesh Friday, 27 March 2020 11:14 AM

ෆාමසි යනවා කියා බොරු තුණ්ඩු කෑලී අරන් කඩේ පිටිපස්සෙන් බඩු ගන්න ගිහින් තමයි මේක කොර ගත්තේ. පාරේ බලන බලන හැම වෙලේම වාහන. මෙතන තව පොර ටෝක් දෙන්න එනවා. කිව් නම් හැමෝටම එක වෙන්න ඕනේ. ඔය පාරේ යන 1% වත් අත්‍යවශ්‍ය සේවා නෙමේ. අත්‍යවශ්‍ය සේවා අය මේ වෙලාවට වැඩ.

:       0       122

සෙනෙවිරත්න Friday, 27 March 2020 11:21 AM

වඳුරන් කූඩු හදනා වගේ ආපදාවක් උනහම හැමදාම යාන්ත්‍රණ හදනා යාන්ත්‍ර‌ණේ වැඩ කොරන කොට ආපදාව හමාරයි. ගමක ඉන්නා සමෘද්ධි නිළධාරි. සංවර්ධන නිළදාරි ග්‍රාම නිළධාරි කෘෂි පරීක්ෂණ නිළධාරි...........තවත් ඇති මං හිත් ටික එකතු උනත් බයනම් මීටරේ දුර තියාගෙන යමක් කරතහැකි. මට පේන්නෙ ඉස්සෙල්ලම බයේ හැංගේ මේ ගොල්ලො. බැසිල් මහතා ටී වී එකේ යාන්ත්‍රන හදනා .එයා පක්ෂෙට ඡන්ද ගරන්න විශ්වකර්මයෙක් වෙන්න ඇති. මෙතනදි ෆේල්.

:       0       1

JAYATH Friday, 27 March 2020 11:29 AM

මෙප්‍රශ්නය හරි සංවේදීයි . ඒ වගේම අසේල මහතාත් පියරතන මහතාත් සමග චමින්ද මහතාත් කියපු කරුණු කෙලින්ම මේ ප්‍රශ්නයට අදාලයි . නමුත් මේ වැඩේ "අල " කරගත්තේ අපේම උදවිය නේද ? බොහෝවිට කල් පැනගිය බෙහෙත් තුන්ඩුවක් අරන් ඒක දඩමීම කරගෙන නගරයේ රස්තියාදු ගහන්න ගත්ත ඇත්ත ඕක නෙව නිතිපතා නොකඩවා බෙහෙත් ගත යුතු හර්ද , දිය වැඩියා ආදී සියගණනක් ලෙඩුන් කොට්ටාශ මේකෙන් අමාරුවේ . අනික මෙරටේ ලෙඩුන් ගෙන් full prescription ගෙනියන්නේ 4 -5% අතර ප්‍රමාණයක් විතරයි ආර්ථික ප්‍රශ්න හින්ද තව කොච්චර කටින් ඉල්ලලා බෙහෙත් ගන්න වද(වැරදි වැඩක් තමයි ) නමුත් මේ ඔක්කොම අමාරුවේ...

:       43       10

de silva Friday, 27 March 2020 11:31 AM

ඔය බෙහෙත් අවශ්‍ය මිනිසුන්ට සති දෙක තුනකට සැහෙන්න බෙහෙත් රජයේ ඉස්පිරිතාල වලින් බෙදන්න බැරිද? ඔසුසල් නම් ලංකාවේ හැමතැනම නැහැ.... නමුත් ඉස්පිරිතාල නම් තිබෙනවා.

:       5       18

225 Friday, 27 March 2020 12:41 PM

මෙවන් අකාරුණික මෝඩ තීරණ ගන්නේ මනුස්සයන්ද කියලවත් හිතාගන්න බැහැ. ඔය තීරණ ගන්න අය අපි වගේ ෆාමසි වලින් බෙහෙත් අරගෙන කඩෙන් අරගෙන කන අය නෙවෙයි. ඒ ගොල්ලන්ට අතක් හොල්ලන්නෙ නැතිව සමහර විට මහජන මුදලින් කෑම ලැබෙනවා. මේ විදිහට කොරෝනා නැතුව වෙන ලෙඩ වලින් හෝ හාමතේ දෙතුන් දෙනෙක් වත් මැරෙයි. ඒ ගොල්ලට... අටෙන් චන්ද වලින් හොඳ ප්‍රමාණයක් මේ දරුණු තීරණ වලින් අඩුවෙනවා කියලවත් තේරුණොත් මොලයක් පහලවෙයි.

:       115       0

wije Friday, 27 March 2020 04:40 PM

බොරු තුන්ඩු අරගෙන ෆාමසි වලට යනවා කියලා ඇවිදින්න යනවා නම් කරන්න ඕනේ ෆාමසි වහන එක නෙවෙයි. බොරු තුන්ඩු අරගෙන යන අයව අල්ලලා හිරේ දාන එක. එතකොට කවුරුවත් බොරුවට ඇවිදින්න යන එකක් නැහැ. මේ අරගෙන තියන අත්තනෝමතික තීරණය නිසා අහිංසක මිනිස්සු කීදෙනෙක් අද අසරණ වෙලා ඉන්නවද? මුළු මාසෙටම බෙහෙත් ගන්න සල්ලි නැති මිනිස්සු දවස් තුනකට හතරකට වගේ තමයි ගන්නේ. දවස් හතරකට පස්සේ ඇවිත් තමයි ඉතුරු බෙහෙත් ගන්නේ. ලංකාවේ රාජ්‍ය ඔසුසලවල් තියන නගර කියක් තියනවද? නැති නගර කියක් තියනවද කියලා කවුරුහරි දන්නා කෙනෙක් කියන්න. තව දෙයක් ලෙඩෙකුට අවශ්‍ය කරන බෙහෙත මොන හෙතුවකින්හරි ඔසුසලේ නැති වුනොත් ඊට පස්සේ යන්නේ කොහාටද? ෆාමසි කීපයක් නගරයකට තියන නිසා එක ෆාමසියක බෙහෙත නැත්නම් තව එකකට යන්න පුළුවන්. කොන්ඩේ වැවෙන වෙලාවට කරන්න ඕනේ....කොණ්ඩය කපන එක මිසක් කොණ්ඩය වැවෙනවා කියලා බෙල්ල මුලින් කපන එක නෙවෙයි. ඇස් පියාගෙන තීරණ ගන්න එපා. කොරෝනාවලින් මිනිස්සුන්ව බේරන්න ගිහිල්ලා වෙන දේකින් මිනිස්සුන්ව මරන්නද හදන්නේ...? බලදාරින්ගේ ඇස් ඇරේවා.

:       56       2

nimesh Saturday, 28 March 2020 05:37 AM

මහරගම ප්‍රදේශයේ දීල තියන ෆාමසි වල කවුරුවත් දුරකතනයට ප්‍රතිචාර දක් වන්නේ නැහැ , දැන් අපි මොකද කරන්නේ ?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2409 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1284 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 846 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 694 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 181 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1216 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site