(සුදත් එච්. එම්. හේවා)

 

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ එකම පවුලේ හතරක් ඇතුළු කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු අලුතින් හමුව ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

පසුගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂණ වාර්තා මත මෙම නව ආසාදිතයන් සොයා ගත් බවත් මෙයින් හත් දෙනකු මස්කෙළිය නගරයේ වන බවත් එයින්ද හතර දෙනකු එකම පවුලේ සමාජිකයන් එම කාර්යාලය සඳහන් කලේය.

අනික් ආසාදිතයන් පස් දෙනා මස්කෙළිය වතු දෙකකින් හමුව ඇති බවත් මෙසේ අලුතින් හදුනා ගන්නා ලද ආසාදිතයන් 12 දෙනාගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවද එම කාර්යාලය පැවසීය.