
මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන අද (23) වාර්තා විය.
ඒ අතරවාරයේදී ඔස්ට්‍රේලියාවේ දෙවැනියට විශාලම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි වෙමින් තිබේ.
එම ප්‍රාන්තයෙන් අවසන් පැය 24 ක කාලයේදී වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 403 ක් විය.
අවසන් පැය 24 ක කාලයේදී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන පහකි.
එම මරණ ගණන පසුගිය අප්‍රේල් මාසයෙන් පසු ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන වේ.
ඔස්ට්‍රේලියාවෙන් අද වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 13,000කට ආසන්න වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 128 ක් ලෙස දැක්වේ.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්... සිංහල පුවත් එවන එක අපිට කියවා ගන්න ලේසියි.