(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද (18 ) පැය විසි හතරක් තුල ආසාදිතයින් 908 ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතෙන වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 45, 094 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට 18 වනදා වන විට මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23,598 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 9923 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11.573 ක් වශයෙන් මෙම ආසාදිතයින් වාර්තාවී තිබේ.
ගෙවී ගිය පසුගිය පැය 24 ක කාලය තුල මධ්‍යම පළාතෙන් නව ආසාදිතයින් 908 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එයින් ආසාදිතයින් 261 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 532 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 115 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.
මේ අතර මධ්‍යම පළාතෙන් කොවිඩ් මරණ 1159 ක් ඊයේ 18 වනදා දක්වා වාර්තා වී තිබිණ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.