(ඩයනා උදයංගනී)
මෝටර් වාහන, සුඛෝපභෝගී භාණ්ඩ හා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර වර්ග ආනයනය මාස තුනකට තහනම් කරමින් රජය විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව මෝටර් වාහන, ශීතකරණ, අධි ශීතකරණ, සුඛෝපභෝගී භාණ්ඩ සහ දේශීයව නිෂ්පාදනය කළ හැකි එළවළු, පළතුරු, ගම්මිරිස් ආදිය, මෙන්ම අනවශ්‍ය පිරිවැයක් බව සිතෙන සියලූ භාණ්ඩ ආනයනය මාස තුනකට තහනම් කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.
ආනයනයන් සීමා කිරීම මගින් රටින් පිටට ගලායන මුදල් ප‍්‍රමාණය අඩු කර හා රට තුළට ගලාඑන මුදල් ප‍්‍රමාණය වැඩිකිරීම මගින් රුපියලේ අගය ශක්තිමත්ව පවත්වා ගැනීම සදහා මෙම පියවර ගෙන ඇතැයිද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය පිටු 78කින් සමන්විත බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මීට අමතරව සමහර භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සදහා පනවා තිබූ බදු ප‍්‍රතිශතයන් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබෙන බවද ඇමතිවරයා කීවේය.
එසේ වුවත් රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත‍්‍ර සූත‍්‍ර, අමතර කොටස් ආදිය තවදුරටත් ආනයනය කළ හැකි බව කී ඇමතිවරයා මෙම ගැසට් පත‍්‍රය හේතුවෙන් අපනයනකරුවන්ට හෝ කිසියම් පාර්ශවයකටගැටලූවක් මතුවන්නේ නම් ඒ ගැන අභියාචනයක් මගින් තමාට දැනුම්දෙන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්දීමක් කර ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශීතකරණ කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක්...
දැන් ඉතින් රු.2500 කින් මාසයක් ජීවත් වෙන්ඩ පුරුදු වෙයල්ලා.. දේසපාලුවන්ට නම් කිසිම අවුලක් නෙතුවා....
දෙන් ඉතින් රු.2500 කින් මාසයක් ජීවත් වෙන්ඩ පුරුදු වෙයල්ලා.. දේශපාලුවන්ට නම් කිසිම අවුලක් නැත...
5000ත් 2500ට අඩු කළා නම් හරි නැද්ද හැබැටම?
එහෙනම් ශීතකරණ හදල ඉන්න ඕනේ. නිකන් චන්ද ලංවෙලා දේශීය ආර්ථික කෙබර අතාරිනවා.
පසුගිය දවස්වල සොයාගත් නව ස්වසන අධාරක, ඇඳන්, විෂහරණ කුටි ආදිය අපනයනය කිරීමට සැලසුම් කරන්න.
අයි මස 3 කට...? අවුරුදු 5 කට නැවැත්විය යුතුයි....!!! දියවන්නාවට එන්න කලින් කොහොමද හිටියේ..? දේශපාලනයට ආවාට පස්සේ රටට මොනවාද කලේ...? කිසිත් නැත. හොරා කාපු එක විතරයි කලේ. රෑට කුකුල් හොරකමේ ගිය හොර රැලට අලුත් වාහනයක් හැම අවුරුදු 4 කටවත් නැතිවම බැරිවෙලා. මේ වගේ ගොබ්බයින්ට චන්දය දුන්න බූරුවෝ කවුද....?
වැඩ බැරි බන්දුල
මෙයාල ට ඕනේ සේරම දේවල් ඉතින් ගෙන්නාගෙන ඉවරයිනේ..... අනික් මින් ඉහට මොනවා උනාම මොකෝ...? දෙදහස් පන්සියෙන් පස් දෙනෙක් ඉන්න පුළුවන් පව්ලකට කන්න පුළුවන් කිව් කෙනානේ...
ශීතකරණ, මොබයිල්, රුපවාහිනී වගේ දේවල් දැන් සුඛෝපභෝගී නොවෙයි. පාරිභෝජන භාණ්ඩ. එහෙත් අධි මිලැති වාහන, වායුසමන ,මිල අධික සුවඳවිලවුන්, රෙදිපිළි, ඉහල මිල මොබයිල් මෝස්‌තර සහ ඉහල මිල ආනයනික පලතුරු, ටින් ආහාර වර්ග සමහර ධාන්‍ය ආහාර නම් කුරක්කනුත් ඇතුළුව නවතා දමන්න පුළුවන්. ඉස්සර 70-77 යුගයේ කව්පී මුං වගේ දේවල් වගා කලා. දැන් ඒවත් රටින් ගෙන්නලා කන්නේ. අපේ ගොන්කම් තමා. අන්නාසි, පැපොල් කොමඩු අඹ කෙසෙල් කනවට වඩා පරණ වුනු කබල් ඇපල් මිදී වැඩිපුර කන්නෙත් විකුනන්නෙත්... අනික දේශීය පලතුරු රසායනික යොදා ඉදවන එක නවතන්න පියවර ගන්න.
බන්දුල සර් .. මම ඔබගෙන් ඉගෙන ගත්තා.. නවත්වන්න ඔක්කොම .. හෙම දවසටම .. බුදු සරණයි ඔබ සැමට....
මාස 3 කට නොවෙයි...අවුරුදු 3 කටවත් තහනම් කල යුතුයි...!!!
මට මතක හැටියට, මගේ ආච්චි කියනවා 1960 දශකයේ වගේ අපේ රටේ ශීතකරණ නිපදවූවා කියා. ලෝකය මෙතරම් දියුණු කාලයක මොකොද ඒවා ආනයනය කරන්නේ ? මේ සතියේ පුවත්පතක පලවී තිබුන පුවතක් අනුව, අපේ රටේ හොර දේශපාලුවෙක් කොටස් ගෙන්වා එකලස් කරපු සුකෝපභෝගී රථයකට ත්‍රීරෝද රියක අංක යොදාගෙන මාස ගණනක් තිස්සේ රවුම් ගැහුවා කියන්නේ එවැනි වාහන හදන්න පුළුවන් වන්නේ හොරුන්ට පමණක්ද කියන එකයි ! මොකොද සාමාන්‍ය ජනයාට මිලට ගැනීමට හැකි වාහන අපේ රටේ නිෂ්පාදනය නොකරන්නේ ? බන්දුලගේ තියරියට අනුව රුපියල් 2500 කින් එක පවුලකට මාසයකට කන්න පුළුවන් නම් ඒක කරන්න තියෙන හොඳම වේලාව දැන් බව රජය තේරුම් ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි කනබොන භාණ්ඩ මිල පහල දැමිය යුතු බව රට කරවන ඇත්තන්ට කියා දිය යුතුද ?
මේ වගේ අය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහිඋනු එක ගැන කණගාටුයි. ශෝකජනකයි.
ආර්තික ඔස්තාර් ට නම් අවුලක් නැතුවා. දුශිත දේසපාලුවෝ ඕන දේවල් පරම්පරා ගානකට උනත් ඇති වෙන්ඩ ගොඩ ගහගෙන තියෙනවා .