
(අධිකාරී මුදියන්සේ)
පොල්ගහවෙල නගරයේ මුඛ ආවරණ නොපැළඳ වෙළඳසැල් හා ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 40 කින් 30 දෙනෙකු හට රුපියල් 5000 බැගින් දඩයක් ගෙවන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී .එන් ප්‍රියදර්ශනී මහත්මිය අද (6) නියෝග කළාය .
ඉතිරි සැකකරුවන් 10 දෙනා හට ඉදිරි නඩු දිනයක අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
නව සෞඛ්‍ය නීති ඇතුළත් ගැසට් පත්‍රයට අනුව මහජන ආරක්ෂාව සඳහා මොවුන්ට විරුද්ධව නඩු පැවරූ බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහේෂ් අමාකර මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්විය.
සෞඛ්‍ය නීති පිළිබඳ මහජනතාව දැනුවත් කර තිබියදීත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද හා මුඛ ආවරණ නිසි ලෙස නොපැළඳ පොදු ස්ථානවල හා මහමග ගැවසුණ හොත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට සිදුවන බව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර් යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි... තවදුරටත් කොරෝනා රජයට වසංගතයක් නොවේ.
මේකට තමයි මැතිවරණයට කළින් රුපියල් 5000 ගානේ දුන්නේ.
අති බහුතරයක් බහුතරයක් "මුඛ" ආවරණ කළත් අත්‍යාවශ්‍යයෙන් සිදුවිය යුතුම "මුව" ආවරණය නොකරන බව පෙනේ...
නඩු දාලා දඩ ගහන්න අය හිටියට, දැන් දුප්පත් මිනිස්සුන්ට මුඛ ආවරණයක් නොමිලේ දෙන්න කවුරුවත් නැහැ. පහුගිය කාලේ ඡන්ද ලකුණු යොදාගෙන තෑගි දෙන්න ගොඩක් අය හිටියට දැන් ඒ කිසිවෙක් නැහැ වගේ නේද? එක අතකට පාලකයෝ, දෙයියෝ කියලා හිතාගෙන සිටින ජනතාවට, හොඳ වැඩේ දඩ ගැහුවට?
නඩු දාලා දඩ ගහන්න අය හිටියට, දැන් දුප්පත් මිනිස්සුන්ට මුඛ ආවරණයක් නොමිලේ දෙන්න කවුරුවත් නැහැ. පහුගිය කාලේ ඡන්ද ලකුණු යොදාගෙන තෑගි දෙන්න ගොඩක් අය හිටියට දැන් ඒ කිසිවෙක් නැහැ වගේ නේද? එක අතකට පාලකයින්, දෙවියන් කියලා හිතාගෙන සිටින ජනතාවට, හොඳ වැඩේ දඩ ගැහුවට..
නාසය යනු මෙම කොරෝනා වයිරසය ඇතුළුවන ප්‍රධාන ස්ථානයකි. ඒ හරහා එකවරම පෙනහළු කරා යයි. එබැවින් නාසය ආවරණය විය යුතුයි.
නියමයි මහේෂ් මල්ලි... නීතිය ක්‍රියාත්මක කිරීම යනු හුදෙක් මහජනයාට දඬුවම් ලබාදීම පමණක් නෙවෙයි. එය චර්යා වෙනසක් සඳහා කරන සමස්ත ක්‍රියාදාමයක් විය යුතුයි. ගොඩක් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් මේක තේරුම් ගන්නේ නෑ. ඔබ මේ කරපු දේ අගය කළ යුතු වන්නේ ඒ නිසයි.
මුඛ ආවරණ ද? මුව ආවරණ ද?