IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හතරක් හෙට වැසේ

(සමන් පාලිත නානායක්කාර)

ඇඳිරි නීතිය ඉවත් කළ ද හෙට (30) වැලිමඩ , බණ්ඩාරවෙල , හපුතලේ සහ දියතලාව යන නගර හතරම  වසා දැමීමට පියවර ගත්බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල  ද සිල්වා මහතා පැවසීය. 

නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා පැවසීය.

ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම නගර වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කළ බව පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා  සඳහන් කළේය.

ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නගරයට එක් රොක් වීමෙන් ඇතිවන අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

හෙට (30) වසා දමන නගර වල සියලුම වෙළඳ සැල් වසා තැබීමට ද වෙළඳසැල් හිමියන් එකඟ වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. 

 



අදහස් (10)

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හතරක් හෙට වැසේ

Champa Sunday, 29 March 2020 02:34 PM

මාසෙකට විතර ඉස්සෙල්ල තැනක කියැව්වා ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 10,000ක් වෙන්න පුළුවන් කියල. මාර්තු 6 ජනාධිපතිවරයා කිව්වා එක ලෙඩෙක්වත් නැහැ කියල. ඊට පස්සේ කිව්වා තාම 11යි කියල. රටම වහන්න තරම් උවමන්වක් නැහැ කියල. දැන් 115ක්. ජනාධිපතිතුමා සහ ආණ්ඩුව මෙතෙක් කල් හංගන් හිටිය කොරෝන රෝගීන් සංඛ්‍යාව සහ ඔවුන් නිසා අසාදිත විය හැකි ගණන දැන් ඔන්න එලියට එනවා. පහුගිය දවස් වල අද රෝගීන් නැහැ ඊයෙත් හිටියේ නැහැ ප්‍රස්ථාරේ පහලට ඇවිල්ල කියල කියපුව දැන් බොරු බව ඒගොල්ලෝම ඔප්පු කරනවා. බලාන යනකොට ලංකාව පුරාම කොරෝන රෝගීන් ඉඳල තියෙනවා. අශ්වයා ගියාට පස්සේ දැන් ඉස්තාල ටික වහගෙන වහගෙන යනව. අගැමති සහ ඇමති මණ්ඩලය පැත්තකට කරලා වියත්තු සහ හමුදාව එක්ක කාර්ය සාධක බලකා හැදුව. 3ක්ද කොහේද දැන් තියෙනවා. ඊට පස්සේ හාමුදුරුවරු දාල කියවනවා. ඇමතිවරු සහයෝගය දෙන්නේ නැහැ කියල. මහින්ද ඉන්න කොට MCC එහෙම අත්සන් කරන්නත් බැහැනේ. මේ කරන්නේ මොකක්ද? චන්දයක් තියෙනවා. කැපිල්ල දාන්නේ කියල මම කිව්වේ 2019 අගෝස්තුමයි. හොඳ වැඩේ අර ගොල්ලන්ට.

:       1140       123

PrasannaSunday, 29 March 2020 06:22 PM

මේක ලියල තියෙන්නේ තිනිකරම දේශපාලන බඩගෝස්තරයෙක්... ව්‍යවසනයක් දේශපාලනය ගාවගෙන විකුණන් කන්න හදන දේශපාලන බැලයෝ....

:       2349       1438

ChampaSunday, 29 March 2020 07:01 PM

දේශපාලන බඩගොස්තරවාදයට නම් ලියන්නේ ඔහොම නෙමෙයිනේ. එහෙනම් ලියන්නේ ආණ්ඩුව හරි හොඳයි ජනාධිපති රට ආරක්ෂා කරනවා කියලනේ. මම මේ කොරෝනා ගැන ලියපු පලවෙනි වතාව නෙමෙයි. මාර්තු මුල ඉඳන් ලිව්වා රට ලොක්ඩවුන් කරලා මිනිස්සුන්ට කොරෝනා පැතිරෙන එක වළක්වන්න කියලා. නමුත් කලේ සාක් නායකයින්ට කිව්වා ඡන්දෙ තියනවා කියලා. ජාතියත් අමතලා කතා කලේ ඡන්දෙ ගැන. හුඟක් පස්සේ තමයි ඔක්කොම පටන් ගත්තේ පත්තරවල, සමාජ ජාලවල මිනිස්සු කෑගහනකොට... ඇඳිරි නීතියත් දාලා දැන්තමයි මිනිසුන්ට ආහාර බෙදන්නේ. කොරෝනා කොයි තරම් භයානකද කියන පණිවුඩේ ජනතාවට දුන්නේ නැහැ. ඡන්දෙට යන්න ඕනේ නිසා. අර උඩ තියෙන පින්තූර කතාවේ රෝද පුටුවෙන් යන මිනිහෙක් ඉන්න එකට ලිව්වා කොරෝනා වෛරසය පැතිරෙන විදි ගැන ලෝකයේ මේ වෙනකොට කරලා තියෙන පර්යේෂණ වලින් හොයාගත්ත දේවල්. ලෝකේ අනෙක් රටවල් තමන්ගේ ජනතාවට දෙන පණිවිඩයක්. අපේ විතරයි පාරවල් පුරා මිනිස්සු මුඛවාඩම් දමන් යන්නේ. නමුත් වැඩි අවධානය දෙන්න ඕනේ මිනිස්සුන්ට අත් සෝදන්න. මට අයිතියක් තියෙනව කතා කරන්න. බොරු වර්ණනා නොකරන්න. පොඩ්ඩක් බලන්න පෝලිම් වල ඉන්න මිනිස්සු දිහා. 90%කට වඩා මන්දපෝෂණයෙන් පෙලෙනවා. කොරෝනා වලට කලිනුත් මිනිස්සුන්ට කෑම නැහැ.

:       0       0

SamanMonday, 30 March 2020 09:43 AM

බඩගෝස්තර වාදියෙක්...

:       0       0

Anton AustriaMonday, 30 March 2020 01:52 AM

තමුන් මානසික ලෙඩෙක්.. අනික් රටවල් ගැනවත්, ලෝකෙ ගැනවත් දන්නේ නැත. ඔබට බෙහෙත් නැත.. ඔබට ලැබෙන බෙහෙත දේශපාලනයයි.

:       0       0

dilanMonday, 30 March 2020 03:36 AM

මෝඩ මනුස්සයෝ, වසංගතේ කොච්චර දරුණු වුණත් රටක්ම වහන්න නම් මොන මගුලටද ජනාධිපතිවරයෙක්..,? මොලේ නැති හරක් රට වහන්න වහන්න කිව්වට ඒ අයට තේරෙන්නේ නැහැ. අපේ රට වර්තමානයේ 99.99%ක් යැපෙන්නේ වෙනත් රටවලින් කියලා. රටේ ඩොලර් එක 193 පාන්නේ රට මේ වහපු ටිකටනම් ඔය කියන විදියට වැහුවා නම් අපේ මිනිස්සුන්ට මැරෙන්න වෙන්නේ කන්න නැතුව, බේත් හේත් නැතුව, කොටින්ම අපි ඇඳන් ඉන්න වස්තරේත් නැතුව. මොකද මේ ඔක්කොම අපි ඩොලර් ගෙවලා පිටරටින් ගන්න දේවල්. අපේ රට ස්වයංපෝෂිත වෙන්න අපිට හොඳ කෘෂිකර්මයක්, ටයර් සංස්ථාවක්, රටට රෙදි නිපදවන තුල්හිරියේ, වැල්ලවත්තේ, හොරණ කම්හල් තුනක් වගේ ඒවා තිබුණා. තමුන්නහැලගේ හිටපු ලොන්ත පාලකයෝ ඒවා කුණු කොල්ලෙට විකුණලා රටම පිටරටින් බඩු එනකම් නියාවන් ඉන්න තත්වෙට පත් කරා. මේ තියෙන්නේ... අන්න එවල ප්‍රතිඵල.

:       0       0

Dayan Monday, 30 March 2020 01:49 AM

Champa මිය, ඔබට ඇත්තේ කොරෝනා රෝගය ව්‍යාප්ත නොවීම පිළිබඳ දුකක්... ඊයේ බීබීසී වාර්තාකරු ද ලෝකයට පවසා සිටියේ ලංකාව ඉතා හොඳින් සැලසුම් සහගතව මෙයට මුහුණ දෙන බවයි. පොහොසත් UK වලට වඩා ලංකාව ඉදිරියෙන් සිටින අතර මේ ව්‍යවසනයෙන් තම පුද්ගලික ආරක්ෂාවටත් මේ රට වඩා හොඳ බවයි. මට හිතෙන්නේ ඔබ එය නරඹා ඇති බවකි.

:       0       0

Pradeep Monday, 30 March 2020 02:58 AM

Champa - සියලු දෙයම දේශපාලන ඇසින් නොබලන්න පුරුදු වෙන්න. විදෙස්ගතව සිට පැමිණියවුන් නිරෝධායනය නොවී සැඟවී සිටීම නිසා මෙය රට පුරා පැතිර ගිය බව අප සැවොම දනිමු. නිරෝධායනයට යැවීම ගැන උරණ වූ අය ගුවන්තොටුපලේදී හැසිරුණු අමන ආකාරය ඔබද දකින්නට ඇත. සැගවී සිටින අයට නිරෝධායනය වෙන්න කියා කොතරම් නම් ඉල්ලීම් කළාද කියා අප දනිමු. එසේත් නොහැකි තැන ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කරන්නට සිදු විය. එසේ රජයක් ලෙස ඔවුන් තමන්ට හැකි සැම දෙයක්ම කළ බව සහ කරන බව අප දනිමු. එය කොතෙක්ද යත් විදෙස් රටවල පවා ඇගයීමට ලක් විය. නමුත් අවාසනාවකට තම රටේම සිටින ඇතැම් ඊනියා "දේශප්‍රේමින්ට" එහි වටිනාකමක් දැනෙන්නේ නැත. හේතුව ඔවුන්ගේ දෑස් "පක්ෂ දේශපාලනය" යන කඩතුරාවෙන් වැසී තිබීමයි, නැතහොත් විදෙස් ප්‍රවෘත්ති ගැන ඔවුන්ගේ දැනුමක් නොමැති කමයි, එසේත් නැත්නම් කුහක කමයි. ඕනෑම රටක මෙවන් අමනයින් සිටියත් සාපේක්ෂව අපේ රටේ ඔවුන්ගේ ගහනය වැඩියි.

:       0       0

himali perera Monday, 30 March 2020 04:08 AM

කොරෝනා වෛරසය තවත් පැතිරවීමට ඇතැමුන් චේතාන්විතව කටයුතු කළේ දැයි සැකයක් විමර්ශන කටයුතුවලදී මතුව තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මේ දිනවලදී කොරෝනා වෛරසය වැළඳුණු ඇතැම් රෝගීන් ගේ හැසිරීම ගැන සැලකිලිමත් වීමේදී මේ බව හෙළි වන බව ඔහු කියා සිටියේය. ඇතැම් රෝගීන් ඒ තරමටම තොරතුරු බොහොමයක් වසන් කර ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව අසත්‍ය තොරතුරු ලබා දුන් රෝගීන් තිදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.

:       0       0

upendra Monday, 30 March 2020 08:13 AM

චම්පා අපරාදේ වචන ගොඩක් ලියන්න මහන්සි වෙලා.. "මම යූ.එන්පී. මේ ජනාධිපතිට විරුද්ධයි. කිව්වා නම් ඇති.

:       7       36

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2409 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1284 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 846 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 693 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 181 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1213 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site