නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගත් 3,000කට වැඩි පිරිසක් පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇතැයි බැංගලෝරයේ බලධාරීහු කියති.
‘‘අපි පුද්ගලයන් 3,338 දෙනකුගේ සාම්පල ලබාගත්තා. ඔවුන් සියලු දෙනාටම නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එහෙත් ඒ පිරිස ඉන්නේ කොහිදැයි හොයාගන්න බැහැ. මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳාගැනීම සඳහා අපි පියවර ගනිමින් ඉන්නවා’’ යැයි බැංගලෝරයේ පරිපාලන ඒකකයේ කොමසාරිස් එන්. මංජුනාත් ප්‍රසාද් පැවැසීය.
එම පිරිස පරීක්ෂණාගාරවලට ලබා දී ඇත්තේ වැරැදි තොරතුරු යැයි ද හෙතෙම කීය.
කර්නාටක ප්‍රාන්තයෙන් සෙනසුරාදා, එනම් ඊයේ (25) දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී අඛණ්ඩව තෙවැනි දිනයටත් වයිරස ආසාදිතයන් 5,000 ඉක්මවා වාර්තා විය.
කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මේ වනවිට ලක්ෂයකට ආසන්න වෙමින් තිබේ. එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 2,000කට ආසන්න වෙමින් තිබේ.
කර්නාටක ප්‍රාන්තයෙන් සෙනසුරාදා දිනයේදී වයිරස ආසාදිතයන් 72ක් වාර්තා වූ අතර ඒ අනුව එම ප්‍රාන්තයෙන් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 1,796ක් දක්වා ඉහළ ගියේය.
කර්නාටක ප්‍රාන්තයෙන් සෙනසුරාදා දිනයේදී වයිරස ආසාදිතයන් 5,072 දෙනකු වාර්තා වූයේ යැයි එම ප්‍රාන්තයේ සෞඛ්‍ය සහ පවුල් සුබසාධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයන්ගේ ගණන 90,942ක් දක්වා ඉහළ ගොස් ඇත. කර්නාටක ප්‍රාන්තයේ දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 55,683කි. එය දැනට වාර්තා වී ඇති සමස්ත ගණනෙන් සියයට 61කි.
කර්නාටක ප්‍රාන්තයේ වයිරසය ආසාදනය වී සුවය ලැබූ පිරිසගේ ගණන 33,750කි.
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බැංගලෝරයේ වයිරස ආසාදිත 3,000ක් අතුරුදන්