IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


බංග්ලාදේශයේ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය පනී

බංග්ලාදේශයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (18) ලක්ෂය ඉක්මවා ගියේය.

මේ අනුව බංග්ලාදේශයෙන් අද (18) පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,02,292ක් ලෙස දැක්විණි.
බංග්ලාදේශයෙන් පළමු වරට නව කොරෝනා වයිරස ආසාදිතයකු හමුවූයේ මාර්තු මස 8 වැනිදා ය.

අවසන් පැය 24 දී බංග්ලාදේශයෙන් නව කොරෝනා ආසාදිතයන් 3,803දෙනකු හමුවූයේ යැයි ද එරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නසීම් සුල්තානා ප්‍රකාශ කළාය.

බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී ඇය ඒ බව ප්‍රකාශ කළාය.

ඉන්දියාව සහ පාකිස්තානයට පසු නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු ආසියානු රට බවට පත්ව ඇත්තේ ද බංග්ලාදේශයයි.

අවසන් පැය 24 දී කොරෝනා ආසාදිත මරණ 38ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 1,343ක් දක්වා ඉහළ ගියේය.

අල්ජසීරා

055



අදහස් (0)

බංග්ලාදේශයේ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 194 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 531 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site