IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පැයකට ඇමෙරිකාවෙන් ආසාදිතයන් 2,600ක්

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සාමාන්‍යයක් ලෙස ගත්විට සෑම පැයකදීම නව කොරෝනා වයිරස ආසාදිතයන් 2,600ක් වාර්තා වන්නේ යැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවයේ දත්තවලට අනුව ඇමෙරිකාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 4කට ආසන්න වී තිබේ. ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදය යි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මුල්වරට ආසාදිතයකු හඳුනාගත්තේ ජනවාරි මස 21 වැනිදා ය. එරටින් ආසාදිතයන් මිලියනයක් වාර්තා වීමට දින 98ක් ගත විය. දෙවැනි මිලියනය වාර්තා වීම සඳහා දින 43ක් ද තෙවැනි මිලියනය වාර්තා වීම සඳහා දින ගණන 27ක් ද ගත වී තිබේ. මිලියන 4 සීමාව, එසේත් නැතිනම් සිවුවැනි මිලයනය සඳහා ගත වී ඇත්තේ දින 16ක් පමණක් යැයි ද දැනට ගණන් බලා ඇත. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සෑම මිනිත්තුවකදීම ආසාදිතයන් 43ක් වාර්තා වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වයිරසය පැතිර යෑම පාලනය කිරීම සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සහ නගරවල නායකයන් හා බලධාරීන් අතර නිරන්තරයෙන් මත ගැටුම් ඇතිවිය. මුඛ ආවරණ, පාසල් විවෘත කිරීම මෙන්ම ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම යන කරුණු සම්බන්ධයෙන් එම විවිධ මට්ටම්වල බලධාරීන් අතරේ මත ගැටුම් ඇතිවිය.

කෙසේ නමුත් මෑතකදී සිට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ස්ථාවරය වෙනස් කර ඇත. මුලදී මුඛ ආවරණ පැළැඳීම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා මෑතකදී ප්‍රසිද්ධියේ මුඛ ආවරණ පැළැඳියේ ය.

වසංගතයෙන් වැඩිම බලපෑමක් වී ඇති රටවල් 20, පුද්ගලයන් 10,000ට වාර්තා වන ආසාදිතයන් ගණන, එනම් ඒකපුද්ගල ආසාදිතයන්ගේ ගණන අනුව ඇමෙරිකාවෙන් පුද්ගලයන් දසදහසකට වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 120කි. එහි මුල් ස්ථානයේ පසුවන්නේ චිලී රාජ්‍යයි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 143,000කි. එය පුද්ගලයන් 10,000කට සියයට 4.4 අනුපාතයකි. ඒක පුද්ගල වයිරස ආසාදිත මරණ ගණන අනුව ඇමෙරිකා එක්සත් ජනපදය පසුවන්නේ හයවැනි ස්ථානයේ ය. වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතයක් ඇති මුල් රටවල් වන්නේ එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, ඉතාලිය, චිලී රාජ්‍යය සහ ප්‍රංශය යි.

ගෝලීයව නව වයිරස ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට නැති අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබේ.

බ්‍රසීලයෙන් දිනක් ඇතුළත වාර්තා වී වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන බදාදා දිනයේදී වාර්තා වූ අතර ඒ අනුව ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මිලියන 4 ඉක්මවා ගියේය.

ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන මිලියන 2.2 ඉක්මවන අතර වාර්තා වන මරණ ගණන 83,000කි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාවට අමතරව ආසාදිතයන් මිලියනය ඉක්මවා වාර්තා වන අනෙක් රට වන්නේ ඉන්දියාව යි. එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 40,000කි.

රොයිටර්

055



අදහස් (0)

පැයකට ඇමෙරිකාවෙන් ආසාදිතයන් 2,600ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site