ඉන්දියාවෙන් අද (17) පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 2,000ක් වාර්තා විය. පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන එය වූ අතර එම සංඛ්‍යාව 2, 003ක් ලෙස දැක්විණි.
ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 11,903ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,54,065කි. එරට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ ගණන 1,55,227ක් වන අතර වයිරසය ආසාදනය වූ සුව වූ ගණන 1,86,935කි.
ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද අසල්වැසි ඉන්දියාවෙනි.
ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,13,445ක් විය. තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආසාදිතයන් 48,019දෙනකු, දිල්ලියෙන් ආසාදිතයන් 44,688 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 24,577 දෙනකු හඳුනාගෙන තිබිණි.
එන්.ඩී.ටීවී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ඉතාමත්ම පරිස්සම් විය යුතුයි.. මන්ද යත්, අපට ඉතාමත්ම කිට්ටුවෙන් තියන රට නිසා ... වැඩේ ආයෙත් උලාගත්තොත්, අපත්, රටත් සුනේ සුන් ...
ඉන්දියාව මෙන්ම අසල්වැසි පාකිස්තානය, බංග්ලාදේශය යන රටවල දැන් තත්වය එච්චර හොඳ නැහැ. පරිස්සම් වෙන තරමට හොඳයි අපේ අයත්...