IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පැය 24 කදී ගම්පහින් අසාදිතයින් 236 ක්

( තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (7) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 236 දෙනෙකු හමුව ඇති බවත් මින් 51 දෙනෙකු වන වැඩිම පිරිසක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම බියගම  - 36 ක්, දොම්පෙ  - 32 ක්,  කටාන සහ කැලණිය කොට්ඨාසයන්ගෙන්  - 19 දෙනෙකු බැගින් , දිවුලපිටිය  - 18 ක්, මීරිගම  - 14 ක්,  ගම්පහ  - 11 ක්,  සීදූව  - 9 ක්,  මහර  - 8 ක්,  ජාඇල සහ රාගම කොට්ඨාසයන්ගෙන්  - 6 ක්, මිනුවන්ගොඩ  - 4 ක් සහ අත්තනගල්ල  කොට්ඨාසයෙන් - 3 දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 42 දෙනෙකු හමුව ඇති බවත් මින් වැඩිම පිරිසක් ආයෝජන කලාපය බියගමින්  - 21 ක්, කටුනායකකින් - 16 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 5 දෙනෙකු වශයෙන් හමුව ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 16,935 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ පී.සී.ආර් පරීක්ෂාවට භාජනය කොට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,19,874 දෙනෙකි.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

පැය 24 කදී ගම්පහින් අසාදිතයින් 236 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site