(අජන්ත කුමාර අගලකඩ)
කෝවිඩ් 19 වයිරසය ආසාදිත වූවන් හඳුනා ගැනීමේ පී.සී.ආර් පරීක්ෂණ දීපව්‍යාප්තව සිදුකිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සැලැස්මක් සකස් කර ගෙන යන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදිපයට පැවසීය.
එක් එක් දිස්ත්‍රික්ක වල කෝවිඩ් 19 වයිරසය ආසාදනය වූවන් වාර්තා වී ඇතත් මෙම වැඩපිළිවෙල යටතේ පී.සී.ආර් පරීක්ෂණ නිශ්චිත සංඛ්‍යාවක් අනිවාර්යයෙන්ම සිදුකිරන බවද ඔහු සඳහන් කළේය.
සෑම දිස්ත්‍රික්කයක් වෙනුවෙන්ම මෙම සැලැස්ම සකස් කරන බව කී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන කමිටුව රැස්වී මේ පිළිබඳ තීන්දු තීරණ රැසක් ගත් බවද කීවේය.
එම සාකච්ඡාවට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් , දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් හා ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන් ද සහභාගි වූ බව හෙතෙම කීවේය.
මේ අතර පී.සී.ආර් පරීක්ෂණ එක්ලක්ෂ පනස් දහසක් අද (24) වනවිට සිදුකර අවසන් කළ බවද ඔහු සඳහන් කළේය.
කොවිඩ් 19 රෝගීන් වාර්තා වීමේ ප්‍රතිශතය මේ වනවිට සියයට 1.8 ක් දක්වා අඩුවී ඇති බවත් එය කලින් තිබුණේ සියයට 3 ක මට්ටමේ බවත් විශේෂඥ වෛද්‍ය ජාසිංහ මහතා පැවසීය.
මේ වනවිට පී.සී.ආර් පරීක්ෂණ 2,100 ක් පමණ දෛනිකව සිදුකරන බවද ඔහු කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පී.සී.ආර් පරීක්ෂණ දීපව්‍යාප්තව සිදුකිරීමට සැලැස්මක්
Corona Friday, 24 July 2020 10:36 PM
දැන් කොරෝනා ඇවිත් මාස 05ක් ගිහින්.. මේ අය තාම සැලසුම් හදනවා. ඊළඟට උපකරණ ගෙන්නන්න තවත් මාස 05ක් යනවා. මාර්තුවල කොරෝනා ගැන මුකුත් නොදන්න කාලේ කරපු විදිහටම තමයි තවමත් මේ අයගේ නිරෝධායන මධ්‍යස්ථාන...