‘කොවිඩ්-19’ වසංගතයේ පාලනය සීමා කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කරන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන් අද (28) ප්‍රකාශ කළාය.
නවසීලන්ත ආර්ථිකයෙන් සියයට 75ක් පමණ විවෘත කරන බවත් අද දිනයේදී නවසීලන්ත වැසියන් 400,000ක් පමණ රැකියාවලට පැමිණෙන බවත් ඇය කීවාය.
ආහාර රැගෙන යා හැකි කඩසාප්පු සහ ආහාර සේවා නැවත විවෘත කරන නමුත් නවසීලන්ත වැසියන් වෙනදාටත් වඩා පරෙස්සම් සහ විමසිලිමත් විය යුතු බවත් ඇය පැවැසුවාය.
‘‘කොරෝනා වයිරසය ආසාදනය වූ අය රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින දෙකත් 10ත් අතර දින කිහිපයක් ගන්නවා. ඒ නිසා අපි තවත් සති කිහිපයක් පරෙස්සම් විය යුතුයි. එසේ නොවුණහොත් අපි ලොක්ඩවුන් සීමා පැනවීමට පෙර සිටි තැනට නැවත යනවා. විශාල පිරිසක් රැකියාවලට පැමිණීමත් සමඟ අපි තවත් ගොඩක් පරෙස්සම් විය යුතුයි. වෙනදටත් වඩා විමසිලිමත් වෙන්න ඕනෑ’’ යැයි ඇය කීවාය.
‘‘අපි කොරෝනා අවදානම තුන්වැනි මට්ටමට පහළ දමා තිබෙනවා. නවසීලන්තයේ රැකියා කරන ජනගහනය ලක්ෂ දහයක්. එයින් 400,000ක් අද සිට රැකියාවලට යනවා. අපේ ආර්ථිකයෙන් සියයට 75ක වැඩ සිදුවෙනවා. ගොඩනැගිලි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ සිදුවෙනවා. නිෂ්පාදන කටයුතු මෙන්ම වන කළමනාකරණ කටයුතු සිදුවෙනවා. ඒ වගේම ස්පර්ශය සහ සබඳතා අවම සිල්ලර වෙළෙඳ කටයුතු ආරම්භ වෙනවා. ඒ වගේම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති අද සිට ආරම්භ වෙනවා’’ යැයි ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කීවාය.
‘ද ගාඩියන්’
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නවසීලන්ත ආර්ථිකයෙන් සියයට 75 ක් විවෘත කරයි
ජයරත්න Tuesday, 28 April 2020 02:10 PM
කොරෝනා අඩු වුණත්, වැඩි වුණත් හැමදාම රට වහගෙන ඉන්න බැහැ. අපි දැන් සීමාවට ලඟා වෙමින් ඉන්නේ.
Bamunuarachchi Wednesday, 29 April 2020 06:49 AM
කොරෝනා නොව මොන වසංගතය ආවත් නිව්සීලන්තය වැනි රටවලට බලපාන්නේ ටික කාලයකටයි. ඊට පසු එමරටවල් නැවත ප්‍රකෘති තත්වයට ලෙහෙසියෙන්ම ගන්න පුළුවන්. ලංකාව වැනි සදාකාලයටම දියුණුවෙමින් පවතින නොදියුණු රටවල් එහෙම ප්‍රකෘති තත්වයනට පත් කොරන්න බැහැ. පළමුව මිනිසුන් ප්‍රකෘති තත්වයට ගත යුතුයි. එය කවම දාකවත් කරන්න බැරිය.