(තිළිණි ද සිල්වා )
එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත් කෙරෙන ද ගාඩියන් පුවත්පතේ වෙබ් සංස්කරණයේ "ඊලාම්” පිළිබඳව සඳහන් ‘කරමින් පාඨකයින් සදහා යොමු කර තිබූ සංචාරක ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාව එම පුවත්පතින් තරයේ ඉල්ලා සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
මේ සම්බන්ධයෙන් එරට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන මහත්මිය මෙම තොරතුරුවල සාවද්‍යතාවය පිළිබඳව ගාඩියන් පුවත්පතේ කර්තෘ වෙත ලිපියක් යවමින්, මෙම අන්තර්ගතය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ යැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඉකුත් සිකුරාදා (15) දින එක්සත් රාජධානියේ ‘ද ගාඩියන්’ පුවත්පතේ වෙබ් සංස්කරණයේ ප්‍රකාශයට පත් කරන ලද “Travel quiz: do you know your islands, Man Friday?” යන ප්‍රශ්නාවලිය සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවත්, එහි සඳහන් දෙවැනි ප්‍රශ්නය වන්නේ, ‘ඊලාම් යන ස්වදේශීය නාමය භාවිතා වනුයේ කුමන ජනප්‍රිය නිවාඩු දිවයිනෙහි ද?’ යන්න යැයිද එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.
මෙම ප්‍රශ්නය සඳහා තෝරාගත හැකි පිළිතුරු වලින් එකක් ලෙස ‘ශ්‍රී ලංකාව’ ලැයිස්තුගත කර ඇති අතර, යමෙකු පිළිතුර ලෙස ශ්‍රී ලංකාව තෝරා ගන්නා විට, එය නිවැරදි පිළිතුර ලෙස දැක්වෙන අතර, තවදුරටත් විස්තරයක් ලෙස, ‘දිවයිනේ මෑත කාලීන හමුදා කැරැල්ලේ සම්පූර්ණ නාමය එල්.ටී.ටී.ඊ. - දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය’ යන්න එහි දිස්වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දේ.
එබැවින් මෙය සාවද්‍ය පුවතක් බවද එම අමාත්‍යාංශය කියා සිටී.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ද ගාඩියන් පුවත්පත ශ්‍රී ලංකාව ගැන සාවද්‍ය පුවතක් පළ කළැයි විදේශ අමාත්‍යාංශයේ විරෝධය