(නිමන්ති රණසිංහ සහ අයි.ආර්.ඉන්දික)
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මොණරාගල, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තවත් ග්‍රාම නිලධාරී වසම් 8ක් අද 30 උදෑසන 7 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, හෙලමුල්ල, මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, නාඋල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල, උඩුබද්දාව, ගල්මුන යන ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉකුත් 22 වැනිදා සිට මේ දක්වා දිස්ත්‍රික්ක 9 කට අයත් ග්‍රාම සේවා වසම් 38 ක් හුදකලා කර ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම් මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව මොණරාගල, අම්පාර, මාතලේ, ගාල්ල, පොලොන්නරුව, ගම්පහ, කළුතර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 38 ක් හුදකලා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd