IMG-LOGO

තවත් ගම් කීපයක් හුදකලා කරයි

(නිමන්ති රණසිංහ සහ අයි.ආර්.ඉන්දික)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මොණරාගල, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තවත් ග්‍රාම නිලධාරී වසම් 8ක් අද 30 උදෑසන 7 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, හෙලමුල්ල, මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, නාඋල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල, උඩුබද්දාව, ගල්මුන යන ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉකුත් 22 වැනිදා සිට මේ දක්වා දිස්ත්‍රික්ක 9 කට අයත් ග්‍රාම සේවා වසම් 38 ක් හුදකලා කර ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම් මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව මොණරාගල, අම්පාර, මාතලේ, ගාල්ල, පොලොන්නරුව, ගම්පහ, කළුතර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 38 ක් හුදකලා කර ඇත.

 

 



අදහස් (0)

තවත් ගම් කීපයක් හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 274 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site